(විනීතා එම ගමගේ)
වරාය නගරය කොමිෂන් සභා පනතට සංකල්පමය වශයෙන් පිවිතුරු හෙළ උරුමය එකඟ වුව ද එහි කෙටුම්පත් කිරීමේ අඩුපාඩු ගණනාවක් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
එම අඩුපාඩු ශේෂ්ඨාධිකරණය විසින් නිවැරදි කරාවි යැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියා පවසයි.
විදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට පක්ෂය එකඟ නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය යුතුයැයි ද හෙතෙම සඳහන් කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දීය.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා දරන උත්සාහයේදී විදේශිකයන් සිතන පතන ආකාරය හරියටම තේරුම් ගැනීම සඳහා විදේශ ආයෝජන හා කලාපයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අත්දැකීම් සහිත විදේශීය පුද්ගලයන් එම කොමිසමේ සාමාජිකයන් ලෙස වාඩිවීම කොමිසමට ආලෝකයක් වන නමුත් ඒ සඳහා වන වගන්තියේ, බහුතර සාමාජිකයන් අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකිකයන් විය යුතු යැයි සීමාවක් යෙදවිය යුතුයි යැයි ද කියා සිටියේය.
එම කොමිසමේ කෙටුම්පත් කිරීමේ දෝෂයන් මත ව්‍යවස්ථාවට අනුකූල නොවන තත්ත්වයන් පනත් කෙටුම්පතේ තිබීමට ඉඩ ඇතැයි ද එවැනි දේවල් කෙටුම්පත් කිරීමේ දෝෂ නිසා සිදුවෙන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණු පසු එම වගන්ති සංශෝධනය කර ගත යුතු යැයි ද නැතිනම් ඉවත් කර ගත යුතුයැයි ද කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තම ෂේප් එකේ තියාගන්ඩ මෙයා ගෙමක් ගහනවා ඕවා හරියන්නේ නැ අපේ සර් කිව්වොත් හොදයි කියලා එක අත උස්සන ඕන නැත්නම් එළියට ඇදලා දානවා සර්
ඉතින් ඒවා හදපල්ලා අපිද පාර්ලිමේන්තුවේ ඉන්නේ...
අනේ පව් මෙයා හරිම අහිංසකයි දහම් පාසලේ ළමයෙක් වගේ...
එතකොට ඒක විදේශීය අතපෙවීමක් නෙමෙයිද? කන්න ඕනෙ වුනාම කබරයා තලගොයාලු
මේ වගේ දියාරුවන්ට ඡන්දෙ දීපු අය ඔලුව අතගාලා බලන්න. දැන් නම් අං උඩටම ඇවිල්ලා ඇති...
නොදෝමකින් විතරක්. මෙවැනි දෙපත් නයි කතාකරන්නේ කටින්ද?