(අංජුල මහික වීරරත්න)

වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ දැනට සේවය කරනු ලබන අයි. පී. ඒ. ගුණසේකර මහතා 2025-12-04 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව, පුරප්පාඩු වන වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සිවිල් 3 කාණ්ඩයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආචාර්ය (ඉංජි.) කේ. වැලිගෙපොලගේ මහතා 2025-12-04 දින සිට පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.