
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා මෙන්ම බරපතළ විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පිරිසක් ආගිය අතක් නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී ( කෝපා) තොරතුරු අනාවරණය විය.
මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දී විමර්ශන කඩිනම් කරන ලෙස එම කාරක සභාව එහි ප්‍රධානීන්ට නියෝග කළේය.
එමෙන්ම ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැමු න් අතුරුදන්වීම හෝ මියයෑම, ඇතැම් සිද්ධීන් පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාදවීම සහ විමර්ශන අංශයේ මානව සම්පත් හිඟය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක දී අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළේය.
එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වවලින් අලාභ අය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසට ද උපදෙස් දුන්නේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේ අවධානය යොමු විය.
තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීමට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තොරතුරු අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd