
(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ග්‍රෙගරිවැවේ වතුර පෙවුණොත් මිය යෑමට පවා ඉඩ ඇතැයි බව මධ්‍යම පරිසර අධිකාරිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදි අවධාරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඒ බව විද්‍යාත්මකව තහවුරු කළ බව ( මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ,
ඇත්තටම දැන් මම හිතන්නේ ඉතාමත් දූෂිතම වතුර සහිත ස්ථානයක් තමයි ග්‍රෙගරිවැව . මොකද මේක සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ ඔවුන් විසින් මේ වැව තවත් වැව් 5-6ක් වටේ තියන ඒවා හරහා සංරක්ෂණයව පෝෂණය වන වතුර වලින් පිරෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ.
ඒ නිසා වැව කුඩා වැව් සියල්ලම කාලයක් තිස්සේ ගොඩවෙලා තිබුණ නිසා මේකට දැන් අනවශය විදිහේ සියලුම දේවල් බැරලෝහ වර්ග, පොස්ෆේඩ් ජලයේ තිබිය යුතු සිය දහස් ගුණයක ජලයේ සංයුතිය වෙනස් වුණ භයානක රජායණික සාන්ද්‍රණයක් තමයි හැදිලා තියෙන්නේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd