(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සතුන් දඩයම් කිරීම සඳහා මීඔය රක්ෂිතයේ දඩයම්කරුවකු අටවා තිබූ පුපුරන ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්ක පටස් එකක් නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයා රැගෙන පැමිණ තිබියදී එයට තීන්ත ආලේප කිරීම සඳහා යොදා ගන්නා පින්සලකින් තට්ටු කිරීමට යාමේදී එම හක්කපටස් එක පුපුරා ගොස් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කළ බව පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මෙසේ තුවාල ලැබූ එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර 70 හැවිරිදි කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටත්ව ගොස් ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.