
(සුජිත් හේවාජුලිගේ)
විවිධ වැරැදි සහ අක්රමිකතාවලට සම්බන්ධ වීයැයි කියන නිලධාරීන් 461 දෙනකුගේ විභාග රාජකාරී තහනම් කර අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
කෙසේ වෙතත් අසාදු ලේඛනගත කරන ලද නිලධාරීන්ගේ තොරතුරු විභාග රාජකාරීවලට පත්වීම් ලබාදීමේ දී සලකා බැලීමක් කරන බව විගණනයේ දී පෙනී ගොස් නැතැයි ද එම වාර්තාවේ දැක්වේ.
විභාග රාජකාරි තහනම් පනවන ලද නිලධාරීන් 461 දෙනාගෙන් 133 දෙනකුගේ ජාතික හැඳුනුම්පත් අංකය ද නිලධාරීන් 182 කගේ වැඩ තහනම ආරම්භ කරන ලද දිනය ද අසාදු ලේඛනයෙහි ඇතුළත් කර නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
පසුගිය වසරේ නොවැම්බර් 21 දිනැතිව වසර හතකට වැඩි කාලයක් අසාදු ලේඛනගත කළ නිලධාරීන්ගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කළ බව මෙම වසරේ ජුනි 5 විගණකාධිපති වාර්තාවට දුන් පිළිතුරක සදහන් කර ඇතත් එසේ කිරීම ලේඛනය පවත්වා ගැනීමේ අඩුපාඩු හේතුවෙන් කරනු ලැබූවක් බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
ඒ හේතුවෙන් අසාදු ලේඛන ගත කළ නිලධාරීන් අඛණ්ඩවම විභාග රාජකාරිවල නියැළීම සිදු නොවුණේ යැයි තහවුරු කරගත නොහැකි වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd