IMG-LOGO

විරෝධතාකරුවෝ කොලොම්බස්ගේ පිළිරුව ජලාශයකට විසිකරති

පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඝාතනය ලක්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයක් අතරවාරයේදී විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි පිහිටි ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ පිළිරුවට ගිනි තබා එය කඩා බිඳ අසළ පිහිටි ජලාශයකට විසි කළහ.
 
1927 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම පිළිරුව ඉදි කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශයක ඉදිකළ කොලොම්බස්ගේ පළමු පිළිරුව වන්නේ ද මෙයයි.
 
වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයේ පිහිටි ‘බර්ඩ්’ උද්‍යානයේ පැය දෙකකට අධික කාලයක් පැවැති විරෝධතාවලින් අනතුරුව විරෝධතාකරුවන් එලෙස පිළිරුවට ගිනි තබා කඩා බිඳ ජලාශයට විසි කළේ යැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.
 
විරෝධතාකරුවන් පිළිරුව තිබූ ස්ථානයෙන් ‘‘කොලොම්බස්ගෙන් නිරූපණය වන්නේ ජනඝාතනයක්’’ යැයි දැක්වෙන පුවරුවක් තබා තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඇමෙරිකානු මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේය.
 

 

 
 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරය යනු එරට පැරැණිම ප්‍රධාන නගරවලින් එකකි.
 
ඇමෙරිකානු කලාපය යුරෝපයේ කොලොනි බවට පත් වීමට මඟ පාදන ලද්දේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ චාරිකා යැයි සැලකේ. ස්වදේශික ඇමෙරිකානුවන් ඝාතනයට ලක්වූයේ ඉන් අනතුරුව යැයි ද පැවසේ.
 
ක්‍රිස්ටෝෆර් කොලොම්බස් යනු 1451-1501ත් අතර කාලයේ විසූ ඉතාලි ජාතික දේශගවේෂකයකු වන අතර හෙතෙම මිනිසුන් පදිංචි කරමින් ජනපද ස්ථාපිත කරමින් ‘කොලනි’ ඇති කළ අයකු ලෙස ද සැලකේ.


 
අල්ජසීරා/ඩේලිමේල්
- 055



අදහස් (9)

විරෝධතාකරුවෝ කොලොම්බස්ගේ පිළිරුව ජලාශයකට විසිකරති

amila Wednesday, 10 June 2020 01:35 PM

මට පුදුම සතුටක්... කොළොම්බස් කියන්නේ මිනීමරුවෙක් කියලා මම ඉස්කෝලේ යන කාලේ ඉඳලාම දන්නා දෙයක්... අැමෙරිකාව හොයාගත් මහා වීරයා.. එය හොයාගන්න කලින් අැමෙරිකාව තිබුනේ නැද්ද? දැන්වත් මිනිස්සුන්ට ඕක තේරුණු එක සතුටුයි. ලංකාවෙත් ඉන්නවා මිනීමරු ආණ්ඩුකාරයෙකුගේ නම තියෙන වටරුමක්.., ටොරින්ටන් කියලා එකත් වෙනස් කරන්න ඕනේ...

:       8       471

chinthakaThursday, 11 June 2020 05:18 AM

ඔබතුමාගේ කතාව සම්පූර්ණයෙන් සත්‍යයි. කොළොම්බස් පිළිබඳ ඇති පොත්වල සඳහන් වෙනවා කොළොම්බස්ගේ මූලික අරමුණ රටවල් සොයා යාම නොවෙයි වහල් සේවය සඳහා ස්වදේශිකයන් සොයා යාමයි කියලා. ඊට අමතරව ඔහු ඒ කාලයේ නිර්වින්දනයෙන් තොරව කරන ලද විද්‍යා සැත්කම් සඳහා ඉහළ මිලගණන් වලට වහල් මිනිසුන් සපයන්නෙක්ව ඉඳලා තියනවා. ඔබතුමන්ලාත් "අපි නොදන්නා කොළොම්බස්" නමින් ජාතික පුවත්පතක පලවී තිබුණු ලිපිපෙල කියවනවා නම් මොහුගේ මිලේච්ඡ ක්‍රියා විශාල ප්‍රමාණයක් දැනගන්න පුළුවන්. ඇත්තටම එදා දහසක් අපගේම මිනිසුන්ගේ නින්දා අපහාස විඳිමින් අපේ වීරවරයන් අපිව සුරැකියේ නැත්නම් අද අපේ ජාතියත් මේ වගේ වෙන පර ජාතියකගේ අතකොලුවක්ව තාඩන, පීඩනවලට යටත්ව ඉන්න තිබුණා.

:       0       107

deshapremiya Wednesday, 10 June 2020 04:01 PM

අපේ රටෙත් වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බන්ඩා වගේ විරුවන් හිටියේ නැත්නම් අපිත් අද විඳින්නේ මේ කළු ජාතිකයන් අද අත්‍ විඳින ෂෝකාන්තයම නොවේද?

:       4       272

කාලය හරිThursday, 11 June 2020 12:04 AM

ලංකාවේ ඉතිහාසය අනගාරික ධර්මපාල තුමා දක්වාම නිදහස් මනසකින් කියවන්න. එතකොට ඔබගේ දැක්ම ඔයිට වැඩා පුළුල් හා නිවැරදි වෙයි. "සුද්දගේ ඊලග පරම්පරාවේ කළු හමක් තියෙන අය පාලනය කරවී. බේරගන්න දියසේන කුමාරයා එනකන් බලන් ඉන්නකොට මේ කළු හම තියෙන පාලකයෝ දහස් ගණන් දියසේන කුමාරවරු තිඹිරි ගෙදරම මරලා දමාවි". නිදහසේ සිට 72 වසරක් අපි අත්විඳින්නේ එතුමා දැක්ක සැබෑ යථාර්තයයි. වර්තමානයේ වෙන්නෙත් එම දේයි. අප සැමගේ සැබෑ සතුරා පසක තිබියදී ඔවුන්ගේ පඹයන් වෙමින් පක්ෂ, පාට බෙදී අපි කුලල් කා ගනිමින් එකම කාසියේ දෙපැත්ත රැවටී මාරු කරගනිමින් සිටීමයි. දැන්වත් තේරුම් ගනිල්ලා කාසිය මාරු කරන්න කාලය හරි බව. "එක වර්ගයක ජීවිත පමණක් නොව සියලු ජීවිත වැදගත් වෙයි. එයයි බුදුදහම"...

:       0       2

ගෝමිස් Wednesday, 10 June 2020 08:57 PM

මේ අනුව "pilgrims" කියන වචනයටත් අලුත් තේරුමක් වන්නේ, මුල් උරුමක්කාර රතු ඉන්දියානුවන් මිලියන් ගණන් මරපු, යුරෝපයෙන් ආපු දාමරික මිනීමරුවන් කණ්ඩායමක්... ලෙසටයි.

:       0       0

sarath perth Thursday, 11 June 2020 01:49 AM

කඩුගන්නාවේ කුළුණ? අඩුගානේ පාරවත් හැදුණානේ...

:       4       6

ලුම්බිණි Thursday, 11 June 2020 01:56 AM

ප්‍රතිමා කැඩීමෙන් අතීතය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. වෙනස් කළ යුත්තේ අනාගතයයි.

:       4       44

maal Thursday, 11 June 2020 03:13 AM

කාටත් දැනගන්න කියන්නේ. ඇමෙරිකාවේ කළු ජාතිකයින් ඇමෙරිකාවට ගෙනාවේ සුදු ජාතිකයින් විසින් අප්‍රිකාවේ සිට වහලුන් විධියට. ඔවුන් අප්‍රිකාවේ සිටියානම් අදටත් දහදුක් විඳිනවා. මේ දෙය ඔවුන් තේරුම් ගත යුතුයි. ඒක හරියට උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාව අගෙයි. කෙසේ නමුත් සුදු ජාතිකයිනුත් මතක තබාගතයුතුයි ඔවුනුත් සංක්‍රමණිකයින් බවත් සහ මේ 21වෙනි ශතවර්ෂය බවත්.

:       0       0

mangala Thursday, 11 June 2020 06:17 AM

ඊළඟ සැරේ දෙමු වැඩේ...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 414 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site