(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකාවේ රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුගෙන් ඊයේ (20) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය.
රේගුවෙන් භාණ්ඩ පිට කරන ක්‍රියාවලිය පිළිබඳව ඔහු එහිදී දීර්ඝව කරුණු පැහැදිලි කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරි දිනවල නැවත කැඳවීමට නියමිතය.
කන්ටේනර් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සරත් නෝනිස් සහ සීවලී අරුක්ගොඩ ඇතුළු හිටපු රේගු ප්‍රධානීන් පිරිසකගෙන්ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන්ගෙන්ද මීට පෙර ප්‍රකාශ සටහන් කර ගැනිණ
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ රැස්විය.
මෙම කමිටුවේ අවසන් වාර්තාව එහි ආරම්භක රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට බාරදීමට නියමිතය. විපක්ෂයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෑතකදී පත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝම දන්න නාගානන්ද සාක්කි දුන්නා නම් තව කාගෙන් අහන්නද? වැරැදිකාරයෝ අල්ලලා හිරේ දාන්න, නැත්තම් ප්‍රශ්නයක් වෙලා නෑ කියලා වස් දොස් යන්න තොවිලයක් නටන්න.
නිකං බොරුවට කාලේ කන්න වටේ යනවා. හොරු කවුද කියලා දැනගත්තත් ආන්ඩුව පෙරලෙන්නම ඕනේ හොරු නීතිය ඉදිරියට පමුණුවන්න.