IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් ඇති වී ඇතැයි  බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ අසත්‍ය කරමින් ශ්‍රී ලංකාවේ ජූනි මස මෙරට උද්ධමනය සියයට 54.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ දත්ත උපුටා දක්වමින් ජූනි මස උද්ධමනය සියයට 43.7 වේ යැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මීට පෙර සඳහන් කළේය.

බොහෝ ආර්ථික විද්‍යාඥයන් අධි උද්ධමන සීමාව ලෙස හඳුන්වන සියයට 50 සීමාව ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් පසුකර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ සියයට 39.1 ක් වූ අතර එය ජූනි මස සියයට 54.6 දක්වා ඉහළ ගොස් ඇත.ජූනි මස මාසික වෙනස සියයට 12.8 කි.ජූනි මස සියයට 12.8 මාසික වෙනසට ආහාර කාණ්ඩයේ අයිතම වල මිල ගණන් සියයට 6.81 කින් ඉහළ යාම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල ගණන් සියයට 5.99 ඉහළ යාම හේතු විය.

මෙලෙස වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල  අයිතම වල මිල ගණන් හි සිදුවූ මාසික ඉහළ යෑම බලපෑ බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

ශ්‍රී ලංකාවේ මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය වූ සියයට 57.4  ජූනි මාසයේදී  සියයට 80.1 දක්වා ඉහළ ගොස් ඇත.මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මස සියයට 30.6 ක් වූ අතර එය ජූනි මාසයේදී සියයට 42.4 ලෙස සටහන් විය.

ආනයනය කිරීමට විදෙස් සංචිත නොමැතිවීම නිසා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

ජූනි මාසයේදී මාළු,එළවළු,බේකරි නිෂ්පාදන,සහල් සහ කිරිපිටි මිල ඉහළ ගියේය. එය ආහාර උද්ධමනය වැඩි වීමට හේතු වී ඇත.ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල,ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු ඉහළ යාම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය වැඩි වීමට සාධකයක් විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත  මූලික උද්ධමනය මැයි මාසයේ සියයට 28.4 ක් වූ අතර එය ජූනි මාසයේදී සියයට 39.9 දක්වා ඉහළ ගොස් ඇත. 



අදහස් (0)

වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site