(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එයට විරෝධය දැක්වීම සඳහා මාරාන්තික උපවාසයේ නිරත වූ පියෙකුගේ සෞඛ්‍ය තත්වය අසාධ්‍යවී අද(07) වීරකැටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රාජපක්ෂ පතිරණගේ ධර්මසේන(42) නමැති අයෙකි.
සුවසැරිය ගිලන් රථයකින් එම පුද්ගලයා රෝහල්ගත කිරීමට අනෙක් මවුපියවරු පියවර ගත්හ.
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් දරුවන්ගේ පියවරු දෙදෙනෙක් ඊයේ(6) විද්‍යාලය අසළ තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගය අයිනේ අට්ටාලයක රැඳී සිටිමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
ඉකුත් 3 වැනිදා සහ 5 වැනිදා ද මවුපියවරු විරෝධතාවක නිරත වූහ. විරෝධතාවලින් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් පියවරු දෙදෙනෙක් ඊයේ(6) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
මාරාන්තික උපවාසයේ නිරත වන දෙදෙනාට සහය පළ කරමින් තවමත් පාසලක් නොමැති දරුවෝ14 දෙනා සහ එම දරුවන්ගේ මවුපියවරු රැඳී සිටිති. අසාධ්‍ය වී රෝහල්ගත කළ පුද්ගලයා වෙනුවට වෙනත් අයකු උපවාසයට එක් වූයේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මොනවද කරන්නේ ? මේ ගැන කතාකරන්න.
මාරාන්තික උපවාස හැමදාම තියෙනවා. එකම එකයි මාරාන්තික වුනේ. කොටි සාමාජික තිලීපන් මියයනතුරු උපවාස කරා(බලෙන් කෙරෙව්වා වෙන්න පුළුවන්). ඒ හැර අනිත් ඔක්කොම තැඹිලි පොවලා එහෙම නතර කරා. මේ මොන විහිළුද? සාකච්ඡා කරලා විසඳ ගන්න ඕනේ දේවල් ප්‍රසිද්ධිය තකා මෙහෙම කරනවා නොවේද? ඕනේ තරම් කමෙන්ට් දමයි බැනලා. එහෙත් කල්පනා කරලා බලන්න. ලෝකේ එකම එක ඉස්කෝලේද තියෙන්නේ?
පුහු වීරයන්ට තැඹිලි වතුර පෙව්වාට, පොලවේ පය ගහලා ඉන්න සැබෑ මිනිසුන්ට තැඹිලි වතුර නැත.