කොරෝනා වයිසරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයකු රෝග ආසාධනය වී අද(07) මියගියේය.
34 හැවිරිදි ලී වෙන්ලියෑන් නම් එම වෛද්‍යවරයා අක්ෂි වෛද්‍යවරයෙකි.

වෛද්‍ය ලී, පසුගිය දෙසැම්බරයේ 30 වැනි දින වූහාන්වල සිටින සගයන් වෙත වයිරසය සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබූ අතර, පසුව එසේ පැවසූ 8දෙනෙකු පොලිසිය විසින් බොරු ඕපාදූප ප්‍රචාරය කරන බව පවසා පොලිසියට කැඳවනු ලැබිණි. පසුව එම වෛද්‍යවරයා වයිසරය වැළඳුණු එක් රෝගියකුට ප්‍රතිකාර කරමින් ඒ බව තහවුරු කර තිබිණි.
එම වෛද්‍යවරයා වීරයකු ලෙස සලකන බවද, චීන රජය වයිරසය පාලනය කිරීමට දරන මෙහෙයුම සම්බන්ධයෙන් සිය ආවේගය ප්‍රකාශ කරන බවද වූහාන්හි පිහිටි ප්‍රධාන රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
'ඔහු අපට වීරයෙක්. ඔහු අපිට කොරෝනා ගැන අනතුරු ඇඟෙව්වා' යැයි වූහාන්හි ඔහුගේ සහෝදර වෛද්‍යවරයක් පැවසීය.
'මහජන මුදල්වලින් ජීවත්වෙන පුෂ්ටිමත් නිලධාරීන් හිම කුණාටුවකින්වත් මැරෙන්න ඕනෙ' යැයි ඇතැම් පිරිස් ඇතැම් චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසි අවධානයක් නොදීම ගැන අදහස් දක්වා තිබිණි.
වයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා සිටින ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයකු වන මෙම වෛද්‍යවරයා මිය යාම වයිරසයේ පැතිරයාම සම්බන්ධයෙන්ද, වූහාන්වල වෛද්‍ය උපකරණ හිඟ රෝහල් සම්බන්ධයෙන් ද රතු එළියක් දල්වයි.

චීනයේ වයිසරයට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටින බොහෝ වෛද්‍යො කණ්ඩායම් මේ වනවිට අධික වෙහෙසට පත්ව සිටින අතර ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ නොමැතිව පසුවෙති.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද වෛද්‍ය ලීගේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.
ඊයේ දිනයේදී ද චීනයේ හුනාන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයේ සොන් යින්ජියේ නමැති 27 හැවිරිදි වෛද්‍යවරයා අඛණ්ඩව රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම හේතුවෙන් හෘදයාබාධයකින් මියගියේය.
(ඒඑෆ්පී ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු සැබෑම මානව හිතවාදී වෛද්‍යවරයෙක්. ඔහු මෙය සොයා නොගත්තානම් මීට වඩා විශාල පිරිසක් මිය යන්න ඉඩ තිබුනා.
සාතිශය සංවේගය.. දඬුවම් විඳින්නට යන තැනට ගියත් තමන්ගේ යුතුකම ඉටුකළ මෙතුමා සැබවින්ම නිවන් සම්පත්තිය ලැබිය යුතුයි. චීනය තවමත් කොලේ වහන්න හදන බව තමයි මේකෙන් තේරෙන්නේ.. ඒ වගේම මට හොඳටම විශ්වාසයි.. හෝමියෝපති වෙදකමෙන් මේ රෝගය සුව කරන්නට පුළුවන් බව.. මොකද ඩෙංගු, චිකන්ගුන්යා ආදියත් " සුව කළ හැකි " බෙහෙත් තියෙන්නේ හෝමියෝපති වෙදකමේ විතරයි .. අපේ රෝහල්වල වෛද්‍යවරු මේක පිළිගන්න කැමති නැහැ විතරක් නෙමෙයි අඩුගානේ එ්ක කියලා රෝගී ජීවිතයක් බේරගන්නවත් හිතන්නේ නැහැ.
මේ වගේ මානව හිතවාදීන් ඉන්නවා (චැනල් කාක්කන් නොවන) . මීට කාලෙකට කලින් ඉබොල පැතිරිච්ච වෙලාවෙත් වෛද්‍යවරු දෙන්නෙක් ජීවිත දුන්නා.
එකටත් එක්ක අපේ වෙද සංගමේ නඩේ? යවමුද චීනෙට! අපේ රටේ ප්‍රශ්න ඔවුන් විසඳන විදියටම කරාවි.
මහජන මුදල්වලින් ජීවත්වෙන පුෂ්ටිමත් නිලධාරීන් හිම කුණාටුවකින්වත් නැතිවෙන්න ඕනේ.
වෛද්‍ය තනතුර ව්‍යාපාරයක් නොකර සේවයක් සේ සැළකු වෛද්‍යවරු. අපෙගේ ප්‍රණාමය.
ඇත්තටම වීරයෙක්... ඔහු නොසිටින්න මීට වඩා මෙම වයිරසය නිසා නොදැනුවත්කමින් මියයන්ට තිබුණා.