
(යොහාන් භාසුර)
ජනගහනයෙන් සියයට 18 කට ආසන්න ප්‍රතිශතයක් වයස අවුරුදු 60 සහ ඊට ඉහළ වයස් කාණ්ඩයට අයත් වන බවත් එයින් ජනගහනය වයස්ගතවීමේ පැහැදිලි ප්‍රවණතාවයක් පෙන්වන බවත් ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපතිනී මහාචාර්ය මනෝරි වීරතුංග මහත්මිය පැවසුවාය.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැති ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගමයේ වාර්ෂික ජනගහන සම්මන්ත්‍රණයේදී මහාචාර්ය මනෝරි වීරතුංග මහත්මිය එසේ පැවසුවාය.
‘ජනගහන ගතිකයන්, අභියෝග සහ අවස්ථා” යන මාතෘකාව මෙවර සම්මන්ත්‍රණයේ තේමාව විය.
ජාතික සංවර්ධන ක්‍රියාවලියට සහාය වීමට සාක්ෂි මත පදනම් වූ සංවාදයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු පුළුල් කලාපයට බලපාන ප්‍රධාන ජනගහන ගැටළු සාකච්ඡා කිරීම සදහා විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සංවර්ධන වෘත්තිකයන්, පර්යේෂකයින් සහ සිසුන් එක් වේදිකාවකට ගෙන ඒම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ බව කී මහාචාර්ය මනෝරි වීරතුංග මහත්මිය
ශ්‍රී ලංකාවේ ජනගහන ව්‍යුහය වේගවත් පරිවර්තනයකට ලක්ව ඇති මෙවන් අවස්ථාවක, ජනගහනයේ සෞඛ්‍ය පාලන ක්‍රමවේදය ශක්තිමත් කිරීමේ අත්යවශ්යතාවයක පවතින බව ද සදහන් කළාය.
ශ්‍රී ලංකාව ජනගහනයේ ජීවිතාපේක්ෂාව ඉහළ නැංවීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න ජීවිත අපේක්ෂාව වැඩිදියුණු කිරීම සහ වර්ධනය වෙමින් පවතින දීර්ඝකාලීන බෝනොවන රෝග අවම කිරීම වෙත ජාතික ප්‍රමුඛතාවය යොමු විය යුතු බවත් ජනතාව රෝග වැළැක්වීම සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, ආරම්භයේදී රෝග හඳුනාගැනීම සහ නිතිපතා සෞඛ්‍ය මට්ටම නිරීක්ෂණය කිරීම ආදියෙහි පවතින සැලකිය යුතු අඩුපාඩු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් සභාපතිවරිය පැවසුවාය.
බොහෝ පුද්ගලයින් බරපතල රෝග ලක්ෂණ මතු වූ පසු පමණක් ප්‍රතිකාර ගන්නා බව ප්‍රකාශ කල ඇය එය ශක්තිමත් රෝග හඳුනාගැනීමේ සමීක්ෂණ පද්ධතීන් පවත්වාගැනිම, ඩිජිටල් සෞඛ්‍ය ඒකාබද්ධකරණය සහ සෞඛ්‍ය සේවා සඳහා ජීවිත චක්‍ර ප්‍රවේශය වැනි ක්‍රමවේදයන්හි අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවද සඳහන් කළාය.
තරුණ ප්‍රජාව දරුවන් හැදීම මේ වන විට අඩුකර තිබීම ගැටලුව ද වැඩි දුරටත් සදහන් කළාය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත පෞනට්සෝ වැන්ග්යෙල් මහතා ඇතුළු විශාල පිරිසක් අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය පෞද්ගලික දෙකම විශ්‍රාමික වයස 63 හෝ වෘත්තිකයන්ට නම්65 කරන්න ඕන නේද?