IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාපාරිකයා පැහැරගෙන සුද්දේ දැමූ සැරයන්වරුන්ට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

ඩුබායි  රටේ සිට පැමිණි ව්‍යාපාරිකයකු කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දී පැහැරගෙන පොලිස් භට නිවසට  රැගෙන ගොස් එම ව්‍යාපාරිකයා රැගෙන ආ රත්තරං කුඩු අඩංගු ජෙල් පැකට්  8ක් බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට අනුයුක්තව  රාජකාරියේ යොදවා සිටි පොලිස් සංචාරක කොට්ඨාසයේ  රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ගෙන් හෙළිකරගත් තොරතුරු මත රත්තරන් කුඩු මිශ්‍ර ජෙල් පැකට් දෙකක් ද සොයාගත් බව පොලිසිය කියයි.

නාත්තන්ඩිය, කොස්වත්ත කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (0)

ව්‍යාපාරිකයා පැහැරගෙන සුද්දේ දැමූ සැරයන්වරුන්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site