(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ඩුබායි රටේ සිට පැමිණි ව්‍යාපාරිකයකු කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දී පැහැරගෙන පොලිස් භට නිවසට රැගෙන ගොස් එම ව්‍යාපාරිකයා රැගෙන ආ රත්තරං කුඩු අඩංගු ජෙල් පැකට් 8ක් බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටි පොලිස් සංචාරක කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා ගෙන් හෙළිකරගත් තොරතුරු මත රත්තරන් කුඩු මිශ්‍ර ජෙල් පැකට් දෙකක් ද සොයාගත් බව පොලිසිය කියයි.
නාත්තන්ඩිය, කොස්වත්ත කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd