IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වියට්නාම් ගංවතුරින් 90ක් මරුට

වියට්නාමයේ දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 90 දක්වා ඉහල ගොස් ඇති බවත් 12 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රට පුරා නිවාස 186,000 කට හානි සිදුවී ඇති බව වියට්නාම රජය පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සති කිහිපයක් ඇතුළත කල්මේගි සහ බුවාලෝයි යන සුළි කුණාටු රට තුළට කඩා වැදීමෙන් පසුව, මෑත මාසවලදී වියට්නාමයට බලපෑ දරුණුතම කාලගුණික සිදුවීම මෙම ගංවතුර බව සැලකේ.

අද (23) උදෑසන 258,000 ක් පමණ දෙනාට විදුලිය විසන්ධි වී තිබූ අතර සමහර ප්‍රදේශයන් වල ප්‍රධාන අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වල ගමනාගමනයට බාධා ඇති වු බව විදෙස් මාධ්‍ය පවසයි.

වඩාත් දරුණුතම බලපෑම් නිරීක්ෂණය වී ඇත්තේ දකුණු සහ දකුණු-මධ්‍යම වියට්නාමයේ පිහිටා ඇති ක්වාං නගයි, ගියා ලායි, ඩක් ලක්, ඛාන් හෝවා සහ ලැම් ඩොං යන පළාත් පහ තුල බව එරට රජය වාර්තා කරයි.

ඉදිරි දිනවලදී වර්ෂාව අඩු වනු ඇතැයි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිනිසා විසින් සිදුකරනු ලබන දේශගුණික විපර්යාස හේතුවෙන් වියට්නාමය දරුණු කාලගුණික සිදුවීම්වලට වැඩි වශයෙන් නිරාවරණය වන බව එරට විද්‍යාඥයන් පවසන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

(අන්තර්ජාලය ඇසුරෙන් හසින් නවෝද්‍යා)

 



අදහස් (0)

වියට්නාම් ගංවතුරින් 90ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site