ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන සහතිකපත්‍ර අන්තර්ජාලය ඔස්සේ පමණක් නිකුත් කිරීමට පියවරගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ඇතුළු රටේ පවතින තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
නිරෝධායන හේතු මත විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තු එක්දින හා සාමාන්‍ය සේවා කවුළු ද තාවකාලිකව වසා දමා ඇති බවද පූජිත මහතා වැඩිදුරටත් කියාසිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් ඔන්ලයින් ක්‍රමයට රාජ්‍ය ආයතන මාරු වෙනවා. කොරොනා ඇවිල්ලා හරි රාජ්‍ය ආයතනවල පෝළිං ගැහිල්ල නතර වුණොත් හොඳයි. මිනිස්සුන්ගේ කාලය කන්නේ නැතුව..