(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ සාකච්ඡාවට එන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය.

අදාල  සාකච්ඡාවට සහභාගී නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දී කළ ප්‍රකාශයකින් පසුව අග්‍රාමාත්‍යවරයා ඉහත ඉල්ලීම කළේය.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව සද්භාවයෙන් ඉදිරිපත් කරන්නේ ජන වරම අනුව බවත්, මේ ගැන ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවත් කී අගමැතිවරයා පළාත් පාලන ඡන්දය ද තවම අවලංගු කර නැතැයි කියා සිටියේය.