
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, දශකයකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත් වී සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් සතුට පළ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙනිසියුලාවේ වැසියන් ද බොහෝ දෙනකු වීදි බැස ප්‍රීතිය පළ කළ බවය.
ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර සබඳතාව බිඳ වැටීමට ප්‍රධාන හේතු කීපයකි. මදුරෝ පාලනය ඒකාධිපති ස්වරූපයක් ගන්නා බවත්, මැතිවරණ දූෂිත බවත් ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කිරීම එක් හේතුවකි. 2018 සහ 2024 වෙනිසියුලාවේ මැතිවරණ ප්‍රතිඵල ඇමෙරිකාව පිළිගන්නේ නැත.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මදුරෝ රජයට බටහිර රටවලින් දැඩි විවේචන එල්ල වෙයි. මදුරෝ රජය රුසියාව, චීනය සහ ඉරානය යන ඇමෙරිකාවේ ප්‍රතිවාදී රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීම ඇමෙරිකාවේ නොසතුටට හේතුවකි.
මදුරෝ බලයෙන් පහ කිරීමේ අරමුණින් ඇමෙරිකාව වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයට දැඩි සම්බාධක පැනවීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙනිසියුලාවේ උද්ධමනය අහස උසට නැගුණු අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් රට හැර ගියහ.
2020 දී ඇමෙරිකන් අධිකරණයක්, මදුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා එල්ල කළ අතර, ඔහුව අල්ලා දීමට උදවු කරන අයෙකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක (රුපියල් කෝටි 464 ක් පමණ) ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.
COMMENTS