(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව පනවූ දඩුවම සංශෝධනය කරමින් ක්‍රිකට් තහනම වසරකින් අඩු කර දඩය ලක්‍ෂ 50 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේය.
විනය කමිටුව පැනවූ ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ දඩය රුපියල් කෝටිය (ලක්‍ෂ 100 ක) බැගින් ලෙස ඉහළ දමා ඇති අතර වසර දෙකක තහනම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ද, මාස හයක දේශීය තරග තහනමක් ද ලෙස සංශෝධනය කර තිබේ.
මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනම අවසන් වූ පසු වසර දෙකක අත්හිටුවූ තහනමක් ක්‍රියාත්මක වන අතර එය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලපෑමක් නොකරයි.
වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන මනෝවෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ එම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව අවදානය යොමු කරමින් ක්‍රිකට් තහනම පමණක් අඩු කිරීමට පියවර ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකාගේ විනය කමිටුවක්නේ... ආයිත් නායකයාවම කරමු අර බින්දුසාරයාව... මේ අයව ආයිත් සදහටම ක්රීඩාංගණවල දකින්න නොලැබේවා කියලා තමයි ප්රේක්ෂක අපේ ඒකායන පැතුම...
ඔන්න බලන්න තව මාසයක් දෙකක් යනකොට ඔයා අවුරුද්දක් කිව්ව එකත් නිකන්ම අඩුවෙලා කිසිම දේශීය තරගාවලියක දක්ෂතා පෙනෙන්නේ නැතුව මේ තුන්දෙනා කණ්ඩායමට එන හැටි.. විශේෂයෙන්ම ඉස්සරහාට එන ලෝක කුසලාන සංචිතයට මේ 03 උඩින් පත්වෙනවා...
මාස 06කට පෙරම බෝර්න් අගේන් වී නැවත එනු ඇත...
ඩොලර් හිඟ වෙලාවේ කොහොම හරි කියලා හරි හොයාගන්නත් එපෑයෑ.
තව ලක්‍ෂ 50ක් වැඩිකරලා දඩේ.. එයාලාව ඇතුළට ගන්න...
ආණ්ඩුවේ ලොක්කෙක්ව අල්ල ගත්තොත් ජනාධිපති සමාව ගන්න පුළුවන්.
ඉතින් කොහොමද නවකයින්ට ආදර්ශයක් දෙන්නේ?
සර්ට කියන්න...!!
ගොඩක් හොඳයි...!!!