IMG-LOGO

වන්දනා නඩයක් රැගත් බසයක් ප්‍රපාතයකට පෙරළේ

(සුජිත් හේවාජුලිගේ සහ  රංජිත් රාජපක්ෂ)

වන්දනාකරුවන් රැගත් බස්රථයක් ගිනිගත්හේන නෝර්ටන්බ්‍රිජ් පොලිසියට නුදුරු ප්‍රදේශයකදී අද රාත්‍රී 9.15 ට පමණ අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනකු මියගොස්  26 දෙනකු  තුවාල ලබා ඇතැයි එම පොලිසිය පවසයි.

තුවාලකරුවෝ ගිනිගත්හේන, වටවල සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ.

තුවාලකරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට මහරගම සිට ගිය වන්දනා නඩයකි.

එම පිරිස ශ්‍රීපාදස්ථානය වන්දනා කර නැවත ගම් බිම් බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

යුද හමුදාවේ සහ පොලිසියේ කණ්ඩායම් තුවාලකරුවන් ගොඩට ගෙන ආ අතර කළුවර තත්වය නිසා රෝගීන් ගොඩට ගෙන ඒමට ඔවුනට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නෝර්වුඩ් පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඡායාරූප රංජිත් රාජපක්ෂ



අදහස් (3)

වන්දනා නඩයක් රැගත් බසයක් ප්‍රපාතයකට පෙරළේ

Nath Sunday, 19 February 2023 11:08 PM

ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දැන් යන්න තියෙනවා.

:       0       0

Jayalath Monday, 20 February 2023 02:28 AM

මොන මගුලකට යනවද

:       1       0

පිටිගල මිලානෝ Monday, 20 February 2023 05:38 AM

වන්දනා නමින් ට්‍රිප් යන උගුරට හොරා බෙහෙත් බොන අපේ රටෙි මිනිස්සු පුදුමාකාරයි……

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 662 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site