(රංජන් කස්තුරි)
විදේශ සිසුන්ට මුදල් ගෙවීමේ පදනම මත මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සලසාදීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 4.5 ක ප්‍රමාණයක් විදෙස් සිසුන් බඳවා ගැනීමට හැකි නමුත් විදෙස් සිසුන් ලියාපදිංචි වන්නේ අඩු ප්‍රමාණයක් බව පෙනී ගොස් ඇතැයි උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව මින් ඉදිරියට විදෙස් සිසුන්ටත් , විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ටත් මෙරට විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමිවන බවද ඇමැතිවරයා කීය.
එම සිසුන් විදේශීය මුදල් ඒකකවලින් පාඨමාලා ගාස්තු ගෙවිය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීනෙන් නැගිටලා වගේ නේද? දැනටත් විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරට ඉගෙන ගන්න විත්තිය දැන්ද දන්නේ? බැන්කොක්වල සාප්පු සවාරි ගියාට මෙහෙ ගිහිල්ලා නැතිව වගේ... ආසියාතික රටවලින් වැඩිපුරත් බටහිර රටවලින් ඉතාම අඩු ප්‍රමාණයකුත් මෙරට විශේෂයෙන් වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබනවා. ආ අමතක වුණානේ !! විශ්වවිද්‍යාල සිසුන්ට ටියුෂන් පන්ති අවශ්‍ය නැත.
ඔන්න බලලා මල්ලෙන් එළියට පැන්නද කොහෙද?
එහෙම විදේශ සිසුන් ඉගෙන ගන්නකොට අන්තරේ ඉන්න නූගත් අය ටික දියව් දියව් කියලා කෑකෝ ගහන්න කොහොම කියලා දෙයිද මන්දා? එතකොට ඒ දරුවන්ටත් මෝඩ වදේ දෙනවද හැබෑවටම?
මෙහෙ ඉන්න ළමයි ටිකටවත් ඉඩ නැති සරසවිවලට කොහොමද විදේශ ළමයි ගන්නේ?
රවීන් කියන්නා වගේ මේ ගොල්ලන් කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේනේ... දැනටමත් විදේශ සිසුන් ලංකාවේ විශ්ව විද්‍යාලවල මුදල් ගෙවලා ඉගෙන ගන්නවා. විදේශ සිසුන්ට ඉඩ දෙන්න ඕනේ නිසා අපේ දරුවන් ඇතුළත් කරගන්නා ප්‍රමාණයයි, අඩුවෙනවා කියලා සිසුන් අතර ප්‍රශ්නයකුත් තිබුණා. මේ ගොල්ලන් වැස්සකටවත් විශ්ව විද්‍යාලයට ගිහින් නැති නිසාද මන්දා මේකවත් දන්නේ නැත්තේ...
ලංකාවේ විදේශ සිසුන් පුද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. රජයේ විශ්වවිද්‍යාලවල නම් අඩුයි. එ්ත් ලංකාවේ දෙමව්පියන්ගේ ළමයි විදේශවල ඉපදිලා පුරවැසිභාවය අරන් ඉන්නවා. ඒ ළමයි විදේශ සිසුන් ලෙස ලියපදිංචි වෙනවා. නමුත් ඇත්තටම ඉන්නේ ලංකාවේ..
ජාවාරම් කාරයින්ට අපේ රටේ දරුවන්ව පිටරට විශ්ව විද්‍යාලවලට විකුණන්න ඉඩ දීලා, ඔවුන්ව මේ රටින් පන්නා දමා, විදෙස් සිසුන්ට ලංකාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථා ලබාදීම ගැන කුහක ජාතියක් ලෙස අපි ආඩම්බර විය යුතු නොවේද? කටපාඩම් කරගෙන උසස් පෙලට ඒ සාමාර්ථයන් රැගෙන රජයේ විශ්වවිද්‍යාලයකට ගොඩවැදී, නොමිලේම ජෝගි නටා, උපාධි ලේබලයක් නළලේ කොටාගෙන, රජයේ රැකියාවක් කරමින් (පෞද්ගලික ආයතනයකට ආවොත්, එතැනත් විනාශ කරන) උද්දච්ඡයින් ලෙස හැසිරෙමින් සිටින පුහු ආකල්පවලින් පිරිපුන්, දැඩි හීනමානයකින් යුත් මානසික අඳබාලයින් වෙසෙන රටකට, විදේශ රටවල ශිෂ්‍යයින් පැමිණිය හොත් ඔවුන්ටත්, ඔවුන්ගේ රටවලටත් දෙයියන්ගේ පිහිට හැර වෙනත් විකල්පයක් නැත...