දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, වීසා බලපත්‍රවල වලංගු කාලය 2020 ඔක්තෝබර් 07 වැනිදින සිට 2020 දෙසැම්බර් 5 වැනි දින දක්වා දීර්ඝ කරනු ලැබේ.

කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තවීම පිළිබඳව සලකා බලා මෙම තීරණය ගෙන ඇත.