
(අංජුල මහික වීරරත්න)
විදේශීය සංචාරකයන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ කවුන්ටරයක් අද (24) සවස සිට විවෘත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශය අනුව මෙම කවුන්ටරය විවෘත කර තිබෙි.
අදාල කවුන්ටරය මෙි වන විට විවෘත බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා තහවුරු කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කවුන්ටරයෙන් වෙන සේවාව ගැන පැහැදිලි කරන්න කවුරුත් නැද්ද ඒ වගේම ලෝකය මීට වඩා විශාල තොටුපළවල් සහ සංචාරකයන් පැමිණෙන රටවල්වල මෙවැනි අනවශ්‍ය සේවාවන් නැත. මේ තවත් රැකියා සැපයීමේ ක්‍රියාපටිපාටියක්.. වෙනයම් දෙයක් සිදුවන්නේ නැත.
ඒක බොහොම අගය කළයුතු හොඳ වැඩක්...
ඉතා හොද වැඩක් .. සංචාරක කර්මාන්තයෙන් වැඩක් ගන්න ඕනනම් සංචාරකයන්ට මෙවැනි පහසුකම් දිය යුතුමයි
අමුත්තන් සිනහමුසු මුහුණින් පිළිගන්න රේගු නිලධාරීන්ව දැනුවත් කරන්න
අපෙන් බදු ගන්නවා කොහෙවත් ඉන්න හිඟන සුද්දන්ට පහසුකම් දෙනවා අපේ බදු මුදලින්
මේක ක්‍රියාත්මක කරන්ඩ මේතරම් කාලයක් ගත්තේ ඇයිද කියල විශ්වාස නෑ.
කටුනායක එයාර් පෝර්ට් එකේ කවුන්ටර් වල වැඩකරන මිනිස්සු තරම් උද්ධච්ච තකතීරු හීනමානයෙන් පෙලෙන අය වගේ නම් මම කිසිම එයාපෝර්ට් එහෙක දැකලා සිරිත් විරිත් ආචාර ධර්ම ගැන අහලවත් තියෙනවද දන්නේ නැ. පාස්පොර්ට් එක ට සීල් එක ගහලා දෙනවා නෙමෙයි විසිකරනවා. දේශපාලන හයිය ඇරෙන්න වෙන කිසිම සුදුසුකමක් නැති අය පත් කරාම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ ඉතිං
සියල්ලටම පෙර අපේ රටට ඇතුල්වෙන දොර නිසා සිනහා මුහුණෙන් යුතුව ආචාර කරලා වැදගත් අන්දමට දේශීය විදේශීය හැමෝම පිළිගන්න කාර්‍ය මණ්ඩලය පුහුණු කරන්න. පාදඩ දේශපාලන ජඩයින්ගේ හයිය හිතට අරගෙන වැඩකරන ඔලුව උදුම්මවාගෙන හිස් බයියෝ ඉවත්කරලා විනයගරුක නිලධාරීන් යොදවන්න 24 පැය පුරාම නිරීක්ෂණ මඩුල්ලක් (අපක්ෂපාතී) යොදවා සේවය පරීක්ෂා කර ත්‍යාග පිරිනැමීමක් තුළින් යම් වෙනසකට මුල පුරන්න... හොරකම් සඳහා කිසිඳු බුරුලක් නොදක්වා වටිනා සේවයක් කරන්නට වෙනසක් කරන්න.