(අංජුල මහික වීරරත්න)
විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd