(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර බහිරවකන්ද ටැංකිය වත්ත ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයනට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
අත්අඩංගුවට ගෙන ඇත්තේ පිය පුතු සහ බෑනා බවද පොලිසිය කියයි . පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට දැඩි උත්සාහයක් දැරීමට සිදුවිය .
පසුව ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා සංඥා නිකුත් වන කුළුණු නිරීක්ෂණය කොට සැකකරුවන් මාවනැල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට නිරීක්ෂණය වීමෙන් පසු ඒ ඔස්සේ විමර්ශන සිදු කළත් නැවතත් ඔවුන් මහනුවර ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවට දුරකථන සංඥා කුළුණු ඔස්සේ නිරීක්ෂණය කොට ගැටඹේ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටිනම් නින්දිතයි. ඒ පුද්ගලයින් පෙන්වා දුන්නේ විශාල වැරද්දක්. ඔවුන් එලෙස පෙන්වා නුදුන්නා නම්, ඉදිරියේදී මහා විනාශයක් විය හැකිව තිබුණා. කොහෙද, අපේ රටේ බලධාරීන්ට සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක වටිනාකමක් තියනවද? රාජ්‍ය මාෆියා කල්ලිවල සිත සුව පිණිසනේ නීති ක්‍රියාත්මක වන්නේ. මම එතන හිටියා නම්, ඔය විදුලි සේවකයින්ගේ ඔලු ගෙඩි පළලයි යවන්නේ. අමනුස්ස ජාතියක් වෙසෙන රටක ඉපදුන පවට, අතේ ආයුධයක් නොමැතිව ජීවත් වෙන්න බැරි මට්ටමකයි අප පත්වී ඇත්තේ.
වැරැද්ද පෙන්නලා දෙන්නේ ගහලද? නීතිය කියල එකක් තියන්නේ නමටද එහෙනම්? ඔබගේ තර්කය අනුව නීතියක් මෙරටට අවශ්‍ය නැහැ වගේනේ. ඒ කියන්නේ ඕනෑම වරදක් කරහම ශාරීරික හිංසනය කරාට කමක් නැහැ කියන එකද?
හරියට රාජකාරිය කලේ නැති අයට දඬුවම් නැද්ද? වැරදුනා ලංකාවනේ.