
(රංජන් කස්තුරි)
කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම, එල්.එන්.ජී. ගෙන්වීම ඒකාධිකාරී බලය හා බෙදාහැරීමේ නල පද්ධතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමෙරිකා සමාගමකට විකිණීම ඇතුළු කරුණු කීපයකට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් අද කොළඹදී විරෝධතාක නිරත වූහ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් කොළඹ කොටුවේ පිහිටි ලංවීම මූලස්ථානය ඉදිරිපිටට රැස් වූ අතර එහි පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ.
ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති නියෝජනයකරමින් සේවකයන් විශාල පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි අන්දරේලාගේ අකුරු, හැඩතල තමයි සියලුම පෝස්ටර් වල තියෙන්නෙ ... .අහිංසක මිනිසුන්ට ඉතාමත්ම පැහැදිලියි මෙය පිටුපස සිටින්නේත් කව්රුන්ද කියා නොවේද?
ජෙප්පෝ දෑකැත්තෙන් මිටියෙන් රට සංවර්ධනය කොරන්න යන්නේ. 1989 කාලේ රටේ සිටි ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ, කර්මාන්තකාරයෝ රටෙන් පන්නගත්තේ අපි දෑකැත්තෙන් මිටියෙන් කොරන්නම් කියලා . අන්තිමට රට කෑවා. දැන් මෙරටට ආයෝජකයෝ ව්‍යාපාරිකයෝ එන්නේ නැහැ. ජෙප්පෝ හිතන්නේ මේරට නැත්තටම නැති කලොත් උන්ට මිනිස්සු චන්දෙ දෙයි කියලා. කව්ද මෙරට කොමිනිස් රටක් කර ගන්න කැමති?
තමන්ට පර්මිට් වලට ලැබුණු වාහනේ CEB එකට රෙන්ට් කරලා ,තමන් ම එලවලා ඒකෙනුත් හම්බ කරගන්න සේවකයෝ ඉන්න තැනක් CEB කියන්නේ. ලංකාවේ හැම ආයතනයක්ම පෞද්ගලික -පොදු හවුල්කාරිත්වය අනුව යන්න ඕනේ . CEB එක පිර්ල ඉතිරිලා තියෙන්නේ දේශපාලක පත්කිරිම්වලින්