(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී අවස්ථා තුනක් විදුලි බිල වැඩි කිරීමට සූදානම්වීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
විදුලි බිල මේ ආකාරයට වැඩි කළහොත් ජනතාව තවදුරටත් පීඩනයට පත්වන බවත් ජනතාවගේ තීරණය ගැන රජය සංවේදී නොවන්නේ ඇයි දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
විදුලි බල මණ්ඩලය විදුලිබිල වැඩිකිරීමට ඉල්ලුම් කර තිබේද. රජය සමස්තයක් වශයෙන් කොපමණ ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට අපේක්ෂා කරන්නේද. විදුලිබල වැඩි වෙන ප්‍රතිශත කවරේද. විදුලි බිල වැඩි කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද. විදුලි බිල වසරකට දෙකක් දෙසරයක් වැඩි කරන්න රජය ප්‍රතිපත්තිමය තීරණයක් තිබුණා. එසේ තිබියදී වාර තුනක් වැඩි කිරීමට යන්නේ ඇයි. විදුලිබල විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් තිබේද. මණ්ඩලයේ මේ වසරේ අලාභය මේ සභාවට වාර්තා කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ ගණන් විදුලි බිල ගෙවපු නැති අය රටේ ඕනෑතරම් ඉන්නවා. ජනතාව තව තවත් පීඩනයට පත් කරන එකයි සිද්ධ වෙන්නේ.. රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට නම් කිසිම අවුලක් නැතුව ඇති...
බලපුළුවන්කාරයින්, දේශපාලකයින් නොගෙවන විදුලිබිල්වල පාඩුවත් ජනතාවගෙන් අයකරන්නයි මේ සූදානම...!