(නිමන්ති රණසිංහ)
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තු නිකුත් කළේය.
ඒ මහතාට එරෙහිව විභාග වන නඩුවකට ඉකුත් ජනවාරි 14 වැනිදා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
2018 වසරේ සිය සහෝදරිය වන තුෂාරා වික්‍රමනායක යන අයට බැන තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට 225න් එළියේ ඉන්න සංඛ්‍යාව එන්න එන්නම අඩුවෙනවනේ. ඇත්තම කියනවා නම් ඕකෙන් තුන්හතර දෙනෙක් හැර අනික් ඔක්කොම ඉන්න ඕන... දියවන්නාවේ නෙමෙයි කූඩුව ඇතුලේ. හැබැයි විදුර නම් එළියේ ඉන්න ඕන කෙනෙක් කියලයි මං හිතන්නේ...
වටේ ඉන්න කට්ටිය නිසා විදුරත් ඉවරයි.
විදුර මහත්තයගේ ගෙදර එදා දානමය පින්කමක් තිබුණා. රත්නසිරි වික්‍රමනායක මහත්තයගේ අවුරුදු දෙකේ දානය හා අම්මාගේ තුන්මාසේ දානය. විදුර මහත්තයා රජයේ මුදල් ගසා කාපු කෙනෙක් නෙමෙයි.
ගණන් ගතයුතු තරම් ලොකු දෙයක් මෙතන නැහැ. වංචා, දූෂණ කතන්දර නැහැ. පුද්ගලික ගැටලුවක් පමණයි.
මෙතන අදහස් දාලා තියන කට්ටිය මේක හරියට තේරුම් අරගෙන නැහැ... ලොක්කන් වගේ කාවහරි පහත්කරලා අදහස් දානවා. හොඳට බලන්න විදුරව වරෙන්තු කරලා තියෙන්නේ එයාගේ සහෝදරියට බැන්නා කියලා ඒකටත් මොකක්හරි හේතුවක් ඇති. විදුරගේ සහෝදරිය කොහොම කෙනෙක්ද කියලවත් ප්රශ්නය මොකක්ද කියලාවත් අපි කවුරුවත්ම දන්නේ නැහැ නේද? කොහොම වුණත් ඒක එයාලගේ පවුලේ ප්‍රශ්නයක්. අපිට ඒවා වැඩක් නැහැ. මේ රටේ එහෙම ප්‍රශ්නයක් තියන එකම කෙනා විදුර විතරද? මොකද විදුර මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලද, එහෙමත් නැත්නම් පගා ගහලද, කුඩු විකුණලද, මහ බැංකුව මංකොල්ල කාලද, නිධන් හොරකම් කරලද, මැරයින් දාලා මිනිස්සුන්ට ගහලද, මිනීමරලාද, නීතිය කරවන අයට බලපෑම් කරලද? අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කෝටිගණන් හොරකම් කරන දේශපාලකයන් ඉන්න රටේ විදුර කියන්නේ ඇත්තටම ආදර්ශමත් දේශපාලන චරිතයක්... පවුල්වල ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ කොහෙවත්ම නැතුව ඇති. එයාගේ පවුලේ ප්රශ්නය එයාට විසඳගන්න ඉඩදෙන්න. මෙතන වැරදි අදහස් දාලා බොරුවට කාඩ්බෝඩ් වීරයන් වෙන්න හදන්න එපා....
මම මේ කල්පනා කරන්නේ පවුලේ උදවිය එක්ක සාමයෙන් ඉන්න බැරි මිනිස්සු කොහොමද රටේ මිනිස්සු එක්ක සාමයෙන් ඉන්නේ කියලා..?
ඇත්තටම මේක පත්තරේ දාන්න තරම් නිව්ස් එකක් නෙමේ. ගරිල්ලා මාකටින් කියන්නේ මේවට.. මේක පවුලේ ආරවුලක්. කිසිම ඡන්ද දායකයෙකුට මෙයින් අවුලක් නැහැ.
විදුර වික්‍රමනායක, මට නම් ඔහු කෙලින් කතාකරන සහ වැඩකරන පුද්ගලයෙක් සේ පෙනේ. ඔහුටත් ප්‍රශ්න නගයි නම් ඒ කියන්නේ මේ ආණ්ඩුව රාජපක්ෂ පවුලට යටහත් පහත් නැති අයට තැනක් නොමැති බවයි. මලයා ජනාධිපති වුණාට අයියා තමයි වැඩේ ගෙනියන්නේ. එසේ නම් කොපමණ කලක් ගෙනියයිද? කොළඹ සහ අනිකුත් තැන් දියුණු කළාට පිටිසර ගම්වල අසරණ ජනයාට යාමට හරි හැටි පාරක් පාලමක් නැත. මේවට තමයි කියන්නේ කොළඹට කිරි, ගමට කැකිරි කියා. ඇස් ඇර දුර බලා වැඩ කලොත් හොඳයි , නැත්නම් කොයි ආණ්ඩුවටත් යන කල තමයි. පාට පක්ෂ දේශපාලනයෙන් තොර උපන් රට වෙනුවෙනි. ජය ශ්‍රී ලංකා....
විදුරගේ ඇතුලාන්තය බොහොම දෙනෙක් දන්නේ නැහැ. ඔහු උපාධියට ඉගෙනගත්තේ පිලිපීනයේ ලොස්බනෝස් විශ්ව විද්‍යාලයේ.... 1980-1983 දක්වා. මේ කාලයේ ඔහු ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කරලා බැංකුවලින් මුදල් වංචාකරලා තියෙනවා. අන්තිමටම ඔහුව රටින් පැන්නුවා.
ඕවා අපට අදාළ නැති පුද්ගලික දේවල්... ඒවා ගැන කතා කිරීමට, විමසා බැලීමට අපට අයිතියක් නැත. කුණුගොඩවල් ඇවිස්සුවාට අපි මොකට උත්තර දෙනවද?
කරතොට ධම්මසිරි හිමියනි, විජේ මහත්මයාණෙනි, රාජ නීතියට මේ කිසිම දෙයක් නිදහසට කරුණු නොවේ. තථාගතයන් වහන්සේ දවස, කොසොල් මහරජාණන්ගෙන් බමුණු කුලපුත්‍රයෙකුට මරණයෙන් බේරීමට නොහැකිවනසේ නියෝග දුන්බව දහමේ සඳහන් වේ. නීතිය සැමට සාධාරණ වියයුතුයි.
විදුරගේ සහෝදරිය හැමදේටම උසාවි යන කෙනෙක්. දුවට ගුරුතුමිය දඬුවම් කරාට විරුද්ධව දුවගේ පාසලක් මේ දවස්වල ජිනීවා ගෙනිහින්බව පත්තරවල ගියා. ඒ නිසා මේ ප්රශ්නය උසාවියටම බාරදෙන්න.
අර කාගේද බිල්ඩිමක තමයි කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ... ඒ නිළියකගේ බිල්ඩිමක්ලු... මෙතුමා කියලා තිබන ඔය බිල්ඩිමෙන් අයින් කරන්න ඕනේ කියලා... මොකද කෝටි ගාණක් ඕකට වැය කරනවා කියලා අපරාදේ. ඕක කියලා දවස් කීපයයි ගතවුණේ මෙන්න මෙතුමාට නඩු දාලා.. කොහොමද අර බිල්ඩිම අයිතිකාරියගේ පවර් එක... අනිත් එක කොහොමද අලුත් ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකයි රෝද හතරේම හුළං ගිහිල්ලා.
කරුණාරත්න ගම්පොල මහතාණනි, ඔයා කියන විදියට නම් මේ රටේ ඉන්න හැම කෙනෙකුටම විරුද්ධව නඩු දාන්න පුළුවන් ඔයාටත් විරුද්ධව නඩු දාන්න පුළුවන්.. ඇයි ඔයා කවදාවත් පවුලේ කෙනෙක් එක්කවත්, අසල වැසියෙක් එක්කවත් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැත්ද? කාගේ හරි පොඩි වරදක් දැකපු වෙලාවට හැමෝම සුද්දවන්තයින් වෙන්න හදනවා. මේවාද කතාකරන්න ඕන ප්‍රශ්න? අර කෝටි ගාණක් වියදම් කරලා කෘෂිකර්ම අමාත්‍යාංශය තියන ගොඩනැගිල්ලට ගෙවනකොට කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධ වුනේ විදුර නේද? කවුරු කොහොම කිව්වත් විදුර කියන්නේ ගරු කළයුතු දේශපාලන චරිතයක්...
මේ මනුස්සයා අර සබීතාගේ බිල්ඩිම ගැන කිව්ව එකට ආණ්ඩුවෙන් දුන්නු රිටර්න් එක තමයි මේ... නඩුදාලා කට වැහීමේ කලාව. රටට වෙච්ච දෙයක්...
අයියෝ දේශපාලන බත්බැලයෝ මෙතන ලියන දේවල්.. මේක පුද්ගලික ප්‍රශ්නයක් විතරයි. දේශපාලකයෙක් හැටියට ඔහු ආදර්ශ සම්පන්නයි.
කතාව නම් නීතිය, යුක්තිය, සාධාරණත්වය ගැන... ඒත් තමන්ට තියෙන නඩුවලට උසාවි නොයා මගහරිනවා. ගෙදර මිනිස්සුම නඩු දාද්දි හිතාගත හැකියි ගෙදරටවත් සලකන්නේ නැහැ කියලා. මරු ජනතා නියෝජිතයෝ...
බැන්න කෙනාද, බැඳුම්කර හොරාද, ලොකුම අපරාධකාරයා? හැමෝම කියනවා වගේ යකාගේ නීතියක්නේ ලංකාවේ තියෙන්නේ...!!
දැන් බලාගන්න. මේ තමයි රට හදන්න, ජාතිය රකින්න ආපු මුර දේවතාවෝ. කවුරු කැමති උනත්, නැතත් ඒකනේ ඇත්ත කතන්දරේ. ඒත් අපි ඇත්ත කතා කරාට මේ ඔක්කොම හොරු. තක්කඩියෝ.මැරවරයෝ.වරප්‍රසාද ගන්න බලාගෙන අලුතෙන් දේශපාලනේට ආපු ,කිසිම දැක්මක් නැති තක්කඩියෝ. පක්ෂ විපක්ෂ භේදයක් නෑ. එක තමයි ඇත්ත. අපි මේ තක්කඩියන්ගේ ගොදුරු බවට පත්වෙලා. ඒ අයට කිසිම චරිතයක් නැහැ.ආදර්ශයට ගත හැකි කිසිම දෙයක් ඒ ජීවිත තුළ නැහැ. හැබැයි කියන්නේ ඒ අය නායකයෝල අපි අනුගාමිකයෝලු. අපි මේ තත්වය වෙනස් නොකළොත් ඔබ අපි ඔක්කොටම වෙන්නේ අනාගතයේ දවසක වහ කන්න. ඔය බමුණුආරච්චි වගේ අය ඒ අයට කඩේ ගියාට නියම ශ්‍රී ලාංකිකයෝ දැන්වත් මේ ඇත්ත තේරුම් ගන්න.
මේ සමහර කමෙන්ට්ස් වල තියෙන විදිහට ඉන්ටනෙට් එකට ගිහින් බැලුවම පෙනෙනවා මේ නඩුව ගොනුකරලා තියෙන්නේ අඩු ගණනේ ගිය අවුරුද්දේ පෙබරවාරියේ කියලා. එතකොට රාජපක්ෂලා බලයේ හිටියෙත් නැහැ. විදුර ඇමතිකමක් අරගෙනත් නැහැ. ඉතින් මේ නඩුව පැහැදිලිවම පරණ නඩුවක් බව පෙනෙද්දී මෙයට රාජපක්ෂලාව පටලන්නෙ මොකද? විදුර නොදන්වා උසාවි යාම වැරදියි. නමුත් මේ පවුලේ හුටපටයකට ආණ්ඩුවක් ගාවන්න හදන කට්ටියනම් (1) එක්කෝ විදුරට නඩු දාපු සහෝදරියගේ හිතවතුන්, එහෙම නැත්නම් (2) රාජපක්ෂලාට විරුද්ධ නිසා කමෙන්ට් දාන කට්ටිය, නැත්නම් (3) මොලේ දියුණු නැති ගෝතයෝ රෑනක් වෙන්න ඕන. 1 සහ 2 කට්ටිය 3 ගොඩෙත් ඉන්න පුළුවනි.