
( රොමේෂ් මධුෂංඛ)
යාපනය පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරයෙකුට එල්ල වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ දෛනික ප්‍රතිකාර කටයුතු නවතා දැමීමට අද (25) දින සිට පියවර ගෙන ඇත.
පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවට ආසන්නයේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා කිසියම් පිරිස් විසින් ගීතගායනා කිරීම් ඇතුලු විවිධ ශබ්දයන් නිකුත් කිරීම හේතුවෙන් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය කටයුතුවලට මෙන්ම ප්‍රතිකාර කටයුතු වලට දැඩි බාධාවක් එල්ල විය.
පසුව එහි වෛද්‍යවරයා විසින් අදාල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඝෝෂාවන් සිදුකරන පුද්ගලයින් හමුවී බාධා නොකරන ලෙසට දැනුම් දීමෙන් අනතුරුව කිසියම් පිරිසක් පසුගියදා මධ්‍යම බෙහෙත් ශාලාවට ඇතුලු වී කලහකාරී ලෙස හැසිරෙමින් වෛද්‍යවරයාටද ජීවිත තර්ජනය කොට ඇත.
අනතුරුව මධ්‍යම බෙහෙත් ශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුලු වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වී ඒ පිළිබඳව අච්චුවේලි පොලීසියටද දැනුම් දී අදාල ගැටලුව විසඳන තෙක් නැවත මධ්‍යම බෙහෙත් ශාලාවේ සේවා කටයුතු සිදුනොකරන බවට දැනුම් දී ඇත.
කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් උතුරු පලාත් වෛද්‍යවරුන්ගේ සංගමය විසින් බලධාරීන්ටද දැනුවත් කොට ඇති බවටත් කඩිනම් විසඳුමක් ලබාදීමට පියවර ගෙන ඇතැයිද උතුරු පලාත් වෛද්‍යවරුන්ගේ සංගමය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරයාට තර්ජනය කළැයි ප්‍රතිකාර නවති
chandima Wednesday, 26 April 2023 10:16 PM
එක මකුනයි ලමයො කන්නෙ. ඇයි ඔක්කොම මකුනො මරන්නෙ?