(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන ජූනි 23 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.
කිසිදු හේතුවක් නොදක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින්, තමන් වහාම මුදා හරින ලෙස ඉල්ලා මොහොමඩ් සාෆි මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
එසේම පෙත්සමේ වගඋත්තරකරුවන් සංශෝධනය කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි. එහිදී පෙත්සම් මෙදිනට කල් තැබිණි.
වඳ සැත්කම් සිදු කළ යැයි අභූත චෝදනා එල්ල කිරීමත් නීතීවිරෝධී යැයිද පෙත්සම්කාර වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් කියා සිටී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප ලාල් , කුරුණෑගල පොලිස් ස්ථානාධිපති , කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර , ආරක්ෂක ලේකම් සහ නීතීපති නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු තීන්දුවකින් තොරව ඉදිරි වසර 5 අවසන් වන තෙක්ම විභාග වන ආකාරයක් පෙනී යන්නේ.. අවසන් වශයෙන් මොහු සියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් වනවා නොඅනුමානයි. කොටින්ම කියතොත් ඡන්ද ගුණ්ඩුවක් පමණි. ජනතාව එහි මෝඩ ඉත්තන් වී හමාරයි
අයියෝ සාෆි...