(රංජන් කස්තුරි)
වතුකම්කරුවෙකුට දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදිය නොහැකි අතර එම යෝජිත වැටුප් වැඩිකිරිම ක්‍රියාත්මක කිරිමෙන් වළකින්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා සේවක සම්මේලනය සඳහන් කරයි.
යෝජිත වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම් වලට අනිවාර්ය කිරීම ලංකාවේ නීතියට පටහැනි වන අතර ඡාත්‍යන්තර කම්කරු සංවිධානයේ 98 වැනි සම්මුතියේ සඳහන් සාමුහික කේවල් කිරිම සිද්ධාන්තවලට පරස්පර වන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.
ලංකා කම්කරු කොංග්‍රසය ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය සහ ප්‍රාදේශීය වතු සමාගම් මේ වන විට සාමුහික ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවද එම ගිවිසුම 2021 වසරේ ජනාවාරි මාසය දක්වා බලපැවැත්වෙන බවද ලංකා සේවක සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්විඳින ජනතාවගේ දුක නිවන්න සංශෝධන නැද්ද? දියවන්නාවේ බලවතුන්ට වුවමනා දෙයකට ඕනෑතරම් නීති, අහිංසක මිනිස්සු මේ ඉල්ලන්නේ බඩට යමක්, සුපිරි වාහන, නිවාස නෙවේ... කරුණාකර මෙයට නීති සොයන්න.
පුටු රත්කරකර පිනට පඩිගන්න අයට නම් කම්කරුවන්ගේ අමාරුකම් තේරෙන්නේ නැතුවා. අපේ රටේ නීති හරියටම අකුරටම සිද්ද වෙනවාද? ඉන්නේ මොලේ උඩනේ? කාට කියන්නද? කම්කරුවන්ට ගෙවන්නේ උන්ගේ අතින් මිටින් කියලා හිතාගෙන ඇති...
වතුකම්කරුවන්ට දාහක් නෙවෙයි දෙදාහක් දුන්නත් කමක් නෑ. නමුත් ප්රශ්නය දැනටමත් ඉතාම අමාරුවෙන් දුවන වතු මේ තත්වය තුළ ලාභ ලැබිය හැකි තත්වයෙන් පවත්වාගෙන යා හැකිද යන්නයි. කුඩා තේ වතුවල තේ දළු නෙලන කෙනෙකුට දැනට රුපියල් හත්සීයක් ගෙවනවා. ජීවන වියදම සලකා බැලූවිට එය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. නමුත් ආදායම අනුව ඊට වඩා සතයක්වත් ගෙවීමේ හැකියාවක් නෑ. එහෙම වැඩිකිරීමට අනිවාර්යයෙන්ම තේ මිළ ඉහළ යා යුතුයි. වතු සමාගම් වල තත්වයද මීට සමානයි. මේකෙන් තේ කර්මාන්තය නැත්තටම නැතිවේවි..!!!
ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වනේ රු.2500 කින් මාසයක් ජීවත් වෙන්න ඇති කියලා. මෙයත් එයාගේ ගෝලයෙක් වෙන්න ඇති...
මේ සියල්ල මනා සැලසුම්ගත තිර පිටපතක කොටස්.. හැමදාම රැවටෙන තමන්ගේ මහන්සියෙන් රජුන් නඩත්තු කරන “වැඩ කරන“ ජනතාව බොහොම දුකයි පිට ඉඳන් බලද්දී..
ලංකාවේ ගුරුවරුන්ගේ දිනක වැටුප රුපියල් 800 යයි. මෙයත් වැඩිවිය යුතුයි නේද? අවුරුදු 3ක් හෝ 4ක් ගුරුවෘත්තිය වෙනුවෙන්ම ඉගෙනගෙන, බොහෝ කැපකිරීම් කරලා...
රුපියල් 250නේද වැඩිවෙන්නේ? දැනට 750ක් ගෙවනවා නේද?
ජනාධිපතිවත් ගණන් ගන්නේ නැහැ වගේ...
වැටුප් වාර්ෂිකව වැඩිවෙන ක්‍රමවේදයක් හදන්න ඕනෑ. උපරිම රජයේ පහලම සේවකයින්ගේ මාසික වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ට සහ අනෙකුත් පුද්ගලික අංශයේත් වෙන්න ඕනෑ. මම දන්න ආයතන තියනවා වතු කම්කරුවන්ට වඩා අඩුවෙන් ගෙවන... ඒවාගේත් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. ලේසිම වැඩේ තමයි සියලු ආයතන සදහා පොදු අවම වැටුපක් තීරණය කිරීම...
ලංකා සේවක සම්මේලනයේ ඉල්ලීම සාධාරණයි.
මේ රටේ කුලී වැඩ කරන අයට රුපියල් 1000 ක් දුන්නට කමක් නෑ. කම්කරුවෝ උදේ 7 ඉදන් හවස 4 වෙනකල් වැඩ කරන්නේ......කම්කරුවෝ ගැන කතා කරන්න මේ රටේ කෙනෙක් නෑ. සල්ලි තියෙන මිනිස්සු වතරයි තමන්ගේ බඩකට පුරවගන්න ඕනේ. දුප්පත් කෙනාට මොනා වුනත් කමක් නෑ කියලා මේ රටේ ගොඩාක් දෙනා හිතන්නේ. කුසගින්න කියන දේ හැමකෙනාටම දරාගන්න බෑ. කුලී වැඩ කරන අයට රුපියල් 1000 ක් දුන්නා කියලා ඒ අය පෝසත් වෙන්නේ නෑ. අද රුපියල් 1000 න් ජීවත් වෙන්න බෑ. සල්ලිකාරයන්ට මේවා විහිලු. කම්කරුවෝ හින්දා තමා රට ගොඩගන්න පුලුවන්. තමන්ගේ සාක්කුව පුරවගන්න කලින් කම්කරුවෝ ගැනත් හිතන්න.
කම්කරු ජනතාවනි, ඔබලාගේ පඩි වැඩි කිරීමේ ගෞරවය මේ ආණ්ඩුවට යන නිසා. ඕක දිගම්බරම්ලා වතු පාලකයින් සමග එකතුවී ගහපු ගැටයක්.