(චන්ද්‍රසේන ගමගේ)

 

පුවත්පත් වල පළ වී තිබුණු පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනා  කිසිවක් කප්පාදු කර නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) මැදමුලනේ පැවති පාක්ෂික හමුවකදී පැවසීය.

අද දින පළ වී ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යක් .මම මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමාගෙනුත් මේ ගැන විමසුවා එතුමාත් සදහන් කළා එහෙම කප්පාදුවක් සිදු කර නැති බව අග්‍රාමාත්‍යවරයා කීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

‘අද රට පුරා බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය වෙනවා.දැන් සමහරු ප්‍රචාරයක් ගෙනියනවා මම කුරුණෑගලට වැඩ කරන්නේ නැතිව හම්බන්තොට වැඩ කරනවා කියා.නමුත් එහෙම එකක් නෑ. කුරුණෑගලත් දුෂ්කර පළාතක් .අපි හම්බන්තොටට වගේම කුරුණෑගලටත් වැඩ කරනවා.ඒ විතරක් නොවෙයි අපි මුළු රටටම වැඩ කරනවා.

සමහර ප්‍රදේශ වල තිබෙන ඉඩ කඩම් ගෝඨාභයගේ කියල සමහරු කියනවා. කුරුණෑගල පොල් ඉඩම් කාරයෙක් එහෙම කියල තියෙනවා. මමත් ඒ ගැන හොයල බැලුවා.පස්සෙදි  ඉඩමෙ අයිතිකරුවා කිව්වා සර් ඉඩම ගෝඨාභය මහත්තයගේ කිවුවොත්  පොල් ටික ඉතුරු  වෙනවා. මොකෙක්වත් ඉඩමට පනින්නෙ නෑ කියලා.

තවත් හෝටලයක් බැසිල් මහත්තයට අයිතියි කියලා ප්‍රචාරයක් ගියා .මම ඒ ගැනත් හොයල බැලුවා බැසිල්ට හෝටලයක් තියෙනව කිව්වම මමත් සතුටු වුණා.මටත් ගිහින් කාල නාල එන්න පුළුවන් නිසා.පස්සෙදි බැලින්නම් හොටලේ අයිතිකාරයා එහෙම කියල තියෙන්නේ කප්පම් කාරයොන්ගෙන් බේරෙන්න අවශ්‍ය නිසා කියල ඒ හෝටලයේ අයිතිකරු මා සමග පැවසුවා.මටත් කොල්ලුපිටියෙ ඉඩම් තියෙනවා කියල සමහරු ප්‍රචාරය කරනවා.’