(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන මාරිමුත්තු ගනේශ් රාජා නොහොත් මන්න කන්නා නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු යතුරුපැදියෙන් රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයා මාස පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් නාවුර් මිරාන් මිලාන් නොහොත් සුදු නැමැති සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 2 මිලිගෑම් 932 ක් හා යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.2022 නොවැම්බර් මස 19 වැනි දින ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර දි සිදු කළ මෙම වෙඩි තැබීමෙන් මන්න කන්නාගේ හිසට බරපතළ තුවාල සිදුවිය. සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව සිරගතව සිටින පලනි රිමෝශන් නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත වෙඩික්කරු රැගෙන පැමිණි බවත් ඔහු නොහඳුනන බවත් අනාවරණය කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd