(චන්ද්‍රසේන ගමගේ)
හුංගම පොලිස් වසමේ හාතාගල ප්‍රදේයේ දී අද (19) දහවල් වෙඩි වැදීමෙන් හිමිනමක් අපවත් වී ඇතැයි හුංගම පොලිසිය පවසයි.
මෙලෙස අපවත් වී ඇත්තේ හාතාගල රජමහා විහාරයේ විහාරවාසීව වැඩ විසූ 21 හැවිරිදි වියේ පසුවූ බුත්තල සීලරතන හිමියන්ය.
පුද්ගලයන් දෙනෙකු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇත.
භික්ෂූන් වහන්සේ දහවල් දානයක් සඳහා වෑන් රථයකින් වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි වැදී තිබේ.
අපවත් වූ හිමිනමගේ දේහය අගුණකොළපැලැස්ස මුලික රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ඡායාරූප -සනත් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අනිච්ඡා වත සංකාරෝ " වරදක් කරලාද? හිරිහැරයක්, වරදක් හෝ අනුන්ට හානිවන අයුරින් හැසිරිලාද? මේ ජිවිතේ යථාර්තය...
රන්ජන් පොලිස් නිලධාරියෙක් කළා නම් ඔහොම වෙන්නේ නැහැ. රනිල් කියනවා වගේ ඕකත් මිස් ෆයර් එකක් කියලා රාළහාමි නිදහස් කරමු.
ශ්‍රී ලංකා පොලිසියට හරියට වෙඩිල්ලක් තියා ගන්න තියා හරියට ගලක් වත් ගහගන්න බෑ.