(ඩී.කේ.රත්න)
බිබිල කරාඩුගල පිටකුඹුර හතේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුලත් කර ඇතයි කරාඩුගල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ, කරාඩුගල පිටකුඹුර හතේ කණුව පදිංචි 63 හැවිරිදි ගයානි වයලට් නැමති කාන්තාවකි.
වත්සලා නිශාන්ති සහ ඉන්දික මොහාන් සමරවීර නැමති පුද්ගලයින් බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්‍රියේ මෙලෙස වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇත.
සැකකරු ගිනි අවියත් රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් රණවිරුවෙක්ද?