
(ෂේන් සෙනෙවිරත්න)
වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරනය සඳහා යොදා ගන්නා එන්නත් කටු රජයේ රෝහල්වල නොමැති වීම හේතුවෙන් ඒවා පෞද්ගලික ඖෂධ සල්වලින් මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් රුපියල් 100 කට වැනි මුදලකට තිබූ එම එන්නත් කටුවක් රුපියල් 760 ක් වැනි මුදලක් දක්වා ඉහල යාමෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
රජයේ රෝහල්වලට එම එන්නත් කටු ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් අදාල ආයතනය ප්‍රමිතියෙන් තොර එන්නත් කටු 400,000 ක් ආනයනය කිරීම හේතුවෙන් එම එන්නත් කටු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවරදී පැවසීය.
එම එන්නත් කටු හිඟය හේතුවෙන් අදාල එන්නත් කටු පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කොටදී තිබෙනන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම තත්ත්වය හමුවේ අදාළ ටෙන්ඩර්කරු පෞද්ගලික අංශයට ද එම එන්නත් කටු ලබාදීම සීමා කොට යම් හිගයක් මවා පා තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙන්ඩර්කරුට නමක් ගමක් නැද්ද? ඉස්සර ඔහොම දෙයක් උනාම මේගොල්ලෝ හැසිරුණේ කොහොමද? 2/3 තියාගෙනත් ඔය වගේ හොරෙක් අල්ලන්නවත් බැරිද?
දැන් පරණ ආණ්ඩුවටයි එහි ඇමතිලාටයි බැනලා ඇඟ බේරාගන්න බැහැ. ආණ්ඩුව පුරසාරම් දෙඩු සිස්ටම් කෝ? ඩේටාබේස් කෝ? බෙහෙත් උපකරණ හිඟ වෙනකම් ඉන්න ඕන නැහැ ඒවා මිලදීගන්න. අදාළ ඉල්ලුම පුරෝකථනය කරන්න උවමනා දත්ත පසුගිය පරිභෝජන දත්ත වලින් ගන්න පුළුවන්, මේවා නොදැන ඉන්න හේතුවක් නැහැ මොකද සපයුම්දාම කළමනාකරණය ගැන විශේෂඥයන් වෙන්න ඕන මේ තනතුරුවල ඇත්තෙත්.
අයියෝ සල්ලි