IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංවා සංස්ථා සිමෙන්ට් සහ හම්බන්තොට පෝර්ට් ගෲප් ගිවිසුම් දෙකක

ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් සමාගම සහ හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට පසුගියදා අත්සන් තබන ලදී. 

මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4 ක දිගින් යුත් කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය එකිනෙක සම්බන්ධ කෙරෙනු ඇත.

එමෙන්ම මෙම ගිවිසුම්වලට අනුව, ලංවා සංස්ථා සිමෙන්ට් සමාගම වෙත අනියුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට එම සමාගම සතු ෂිප් අන්ලෝඩර් දෙකකට අවස්ථාව ලැබේ. 

වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුත් කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යාම් සහ පරිසර දූෂණය අවම වන අතර, මෙය පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් කාර්යක්ෂමතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම්වලටද මහඟු‍ ආදර්ශයක් වනු ඇත. දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මෙම කන්වේයර් බෙල්ට් එක මගින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200 ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. 

එමෙන්ම නවීනතම යටිතල පහසුකම් භාවිත කරමින්, ටොන් 60,000 ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රැගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 3 ක් තුළ ගොඩබෑමට හැකි වේ.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගම යනු 100% ක්ම දේශීය ආයෝජනයක් යටතේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ සමාගමකි. මෙහි විශේෂත්වය වන්නේ නිෂ්පාදන කටයුතු සඳහා නවීනතම තාක්ෂණය භාවිත වීමය.

සිමෙන්ති මිශ්‍ර කිරීමේ කටයුතු සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිත වන අතර, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාවිත වන යන්ත්‍රෝපකරණ, නවෝත්පාදන සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගම් විසින් සැලසුම් කරන ලද ඒවා වේ. ඇසුරුම්කරණ කටයුතුවලදී ද කාර්යක්ෂමතාව ඉහළ නංවමින් අපතේ යෑම් අවම කරන නවීනතම තාක්ෂණයන් භාවිත කරනු ලබයි.

“ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයට උපරිම නිෂ්පාදන හැකියාවක් සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිත කරන අතරම පරිසර හිතකාමීත්වය වෙනුවෙන් අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙරෙන මෙම වර්ගයේ එකම කර්මාන්තශාලාව මෙයයි. 

මෙහි නිෂ්පාදන කටයුතු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් (පුද්.) සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. 

මෙය අපගේ මාතෘභූමියේ ඉදිකිරීම් කර්මාන්තයට මහත් වූ ප්‍රතිලාභ සලසන පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා.” සංස්ථා සිමෙන්ට් සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පැවසීය.

මෙම කර්මාන්තශාලාවට පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය ‘ස්ටැකර් රික්ලේමර් යාර්ඩ්’ එකක් සහ ‘බ්‍රිජ්-ටයිප් ෂිප් අන්ලෝඩර්’ දෙකක් ඇතුළත් වේ. මෙය ජාත්‍යන්තර ප්‍රවණතාවලට සමගාමී වන, ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සම්බන්ධ පුරෝගාමී පියවරකි. භාණ්ඩ ප්‍රවාහන නෞකා 3කට සමාන ගබඩා පහසුකම් ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සතු වේ.

නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු, කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලු‍ම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ



අදහස් (0)

ලංවා සංස්ථා සිමෙන්ට් සහ හම්බන්තොට පෝර්ට් ගෲප් ගිවිසුම් දෙකක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site