IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොව විශාලම රයිනෝසරස් ගොවිපොළ වෙන්දේසියට?

දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස්  සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ.

වසර 30 පුරා මෙම රයිනෝසරස් සතුන් 2000 රැක බලාගැනීම සඳහා තම ධනය සියල්ල වියදම් කළ බවත් දැන් තමාට අයිතිව තිබෙන්නේ රයිනෝසරස් සතුන් 2000 සහ ගොවිපොළ පිහිටි අක්කර 20000 ක භූමි ප්‍රමාණය පමණක් බවත් අයිතිකරු 81 හැවිරිදි ජෝන් හියුම් මහතා ප්‍රකාශ කර ඇත. 

තවත් මෙම සතුන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නොහැකි වීම හේතුවෙන් වෙන්දේසියකදී ඉහළම ඉල්ලුම්කරුට තම  රයිනෝසරස්  සත්ව ගොවිපොළ ලබා දීමට තීරණය කළ බව ජෝන් හියුම් මහතා ප්‍රකාශ කර තිබේ.

034



අදහස් (2)

ලොව විශාලම රයිනෝසරස් ගොවිපොළ වෙන්දේසියට?

Lalla Tuesday, 25 April 2023 06:41 AM

බැරිවෙයිද රාජපක්ෂ පවුලට ඕක ගන්න. වැඩිම වුනොත් තව මොකක්හරී ව්‍යාපෘතියක සල්ලි මඩිගහගනී. අර ඉන්න එකම මන්ත්‍රී තුමාවත් අල්ලාගෙන ගේම දෙන්න.

:       2       3

නිහාල් Tuesday, 25 April 2023 10:49 AM

සල්ලි වියදම් කරල ගන්න එකක් නෑ. ඕක පුණ්‍ය කටයුත්තක්. ඔය සතුන් වෙනුවෙන් ඔය මනුස්සය වියදම් කලත් ලංකාවෙ එහෙම එවුන් නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site