
දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස් සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ.
වසර 30 පුරා මෙම රයිනෝසරස් සතුන් 2000 රැක බලාගැනීම සඳහා තම ධනය සියල්ල වියදම් කළ බවත් දැන් තමාට අයිතිව තිබෙන්නේ රයිනෝසරස් සතුන් 2000 සහ ගොවිපොළ පිහිටි අක්කර 20000 ක භූමි ප්‍රමාණය පමණක් බවත් අයිතිකරු 81 හැවිරිදි ජෝන් හියුම් මහතා ප්‍රකාශ කර ඇත.
තවත් මෙම සතුන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නොහැකි වීම හේතුවෙන් වෙන්දේසියකදී ඉහළම ඉල්ලුම්කරුට තම රයිනෝසරස් සත්ව ගොවිපොළ ලබා දීමට තීරණය කළ බව ජෝන් හියුම් මහතා ප්‍රකාශ කර තිබේ.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිවෙයිද රාජපක්ෂ පවුලට ඕක ගන්න. වැඩිම වුනොත් තව මොකක්හරී ව්‍යාපෘතියක සල්ලි මඩිගහගනී. අර ඉන්න එකම මන්ත්‍රී තුමාවත් අල්ලාගෙන ගේම දෙන්න.