ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන එයාර් බස් සමාගමේ A 380 වර්ගයේ තට්ටු දෙකේ මගී ගුවන් යානයේ නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති බව වාර්ථා වේ.
ප්‍රමාණවත් මගීන් ප්‍රමාණයක් නොසිටීම නිසා මෙම තීරණය ගත් බව යුරෝපීය අභ්‍යවකාශ යානා නිෂ්පාදකයන් අතර දැවැන්තයා වන එයා බස් සේවාව බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියේය.
දැවැන්ත පිරිවැයට අනුව අපේක්ෂිත ලාභය ලබාගැනීමට නොහැකි වීම නිසා 2021 වර්ෂයේදී මෙම ගුවන් යානා අලෙවිය අත්හිටවනු ඇත.
මෙම තීරණය සමඟ ඔවුන්ගේ විශාලතම පාරිභෝගිකයා වූ ඩුබායි එමිරේට්ස් ගුවන් සේවය සිය ඇනවුම් සීමා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවය ගුවන් යානා 39ක් (162-123) ඇනවුම් කිරීම අඩුකර ඇත.
ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සමාඟම විසින් ඇනවුම් කර තිබූ A380 වර්ගයේ මගී ගුවන් යානා 08ක් පෙබරවාරි 07 වැනිදා අවලංගු කර ඇත.
මෙහි ප්‍රතිඵල ලෙස එයාර් බස් සමාගම අනෙකුත් ගුවන් සමාගම පසුගාමීත්වයක් පෙන්නුම් කරන බව වාර්ථා වේ.
මෙම ගුවන් යානයේ මගීන් 800කට ගමන්කළ හැකි අතර මෙහි විශාලත්වය නිසාම බොහෝ ගුවන්තොටුපළවල් නවීකරණය කීරීමට සිදු වී ඇත.
(ඒ එෆ් පී ඇසුරෙනි)
63226



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මත්තල හැදුවේ මේවා බාන්න නේද?
මත්තල හැදුවේ කොස් ඇට බාවන කට්ටියට විකුණා ගන්න.. නැතිනම් අලි ප්‍රවාහනයට..
ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සමාඟම විසින් A380 වර්ගයේ මගී ගුවන් යානා ඇනවුම් අවලංගු කරපු නිසා, අපි ගෙව්ව වගේ ලොකු ගානක් දඩ ගෙවන්න ඇති නේද... හා... හා....
A380 ඉතා හොඳ ගුවන් යානයකි. මම 3 වරක් ගමන් කළා (Quantas, Singapore Airlines, එමිරේට්ස්). එහි බලවත් එන්ජිම සමඟ. අතිරේක කැබින් අවකාශය, අඩු කම්පන, සුමට ගමන් සංචාරය සුපිරි සුවපහසුයි. ඔවුන් නිෂ්පාදනය නවත්වන්න යන බව දැන ගැනීම කනගාටුයි.
වාර්තා වලට අනුව නම් ලෝකේ සෑම ගුවන් සමාගමක් ම දුවන්නේ අමාරුවෙන් ඉන්දන මිල ඇතුව අනෙකුත් ප්‍රශ්න හින්ද මේකත් එකේම දිගුවක් හැබැයි අපේ මිහින් ලංකා එක ඔය කුලකයේ නැහැ එක ලාබයි එක නොව ලාභය කොච්චරද කියල හොයන කොමිසමක් හෙම දමල තියෙන්නේ! මේ කොමිසමෙන් එලියට එන "කුණු " දැක්කම අනේ මේ රට කියල හිතෙනවා
අයියෝ තව කල් තියෙනවා.. තාම නිෂ්පාදනය නතර කර නැත එය සිදුවන්නේ 2021 අවුරුද්දේදී. ඒ වගේම බාර ගත්තු ඒවා ඒ විදිහටම නිෂ්පාදනය කරනවා. අවසාන බාර ගැනීම් සිදුවන්නේ 2021දී...