ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 152,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව, 152, 428දෙනෙකු ආසාදිත තත්වයේ පසුවන අතර, 5,393දෙනෙකු මිය ගොසිනි.
ලෝකයේ රටවල් 141කට වයිරසය ව්‍යාප්තව ගොස් තිබේ.
චීනයේ 81, 048දෙනෙකු ආසාදිතයන් වශයෙන් වාර්තා වන අතර, නව ආසාදිතයන් ගණන තවදුරටත් අඩුවෙමින් පවතී.
චීනයෙන් පසු කොරෝනා වයිරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඉතාලියයි. පසුගිය පැය 24ක කාලය තුළ නව ආසාදිතයන් 3,000ක් හඳුනාගැනීමත් සමඟ ඉතාලියේ 21, 157දෙනෙක් ආසාදිතයන් බවට පත්ව සිටිති.
ඉන්පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ඉරානයෙනි. ඉරානයේ 12,700දෙනෙකුට වයිරසය වැළඳී තිබේ.
(සීඑන්එන්)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන අාසාධිතයින්ගෙන් කීදෙනෙකු දැනට සුව වෙලා තිබෙනවද?