දිලීප් ජයසේකර
මහා පරිමාණා සහල් මෝල් හිමියන් සමග සිදු කළ සාකච්ජාවකට අනුව ලබන සතියේ සිට සහල් මිල රුපියල් 10ක් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍ය වරයා මේ බව පැවසුවේ හම්බන්තොට සිංහගිරි විහාරාධිපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් රචනා කළ “බුදු දහමේ සැණසුම් මග“ කෘතිය හම්බන්තොට සිංහගිරි විහාරයේදි එලිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි.
‘‘දැනට පවතින හාල් මිල අඩු කිරිම සම්බන්ධයෙන් මහා පරිමාණ හාල් මෝල් හිමියන් සමග ගිය සතියේ අපි සාකච්ජාවක් පැවැත්තුවා. වී තොග මහා පරිමාණ ලෙස රැස් කරගත්ත මෝල් හිමියන් තමයි ඉන්නේ. ඉතින් ඒ අය එහිදී එකග වුනා දැනට තියෙන මිලට වඩා රුපියල් 10ක් අඩුවෙන් හාල් ලබා දීමට.ඒ අනුව ලබන සතියේ සිට දැනට පවතින මිලට වඩා රුපියල් 10ක් අඩුවෙන් හාල් ලබා දීමට අපි පියවර ගන්නවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාරද?
ඔබතුමාට හිතෙන විදිහට රටට විශාල මෙහෙයක් කලා වගෙයි .රුපියල් 10ක් අඩුකරගන්න ඔබතුමාලව පත්කරගත්තානෙ අපිත් .
ඇයි 10/=ක් . 25/=ක් විතර අඩුකරන්න. එතකොට ආයේ අතින් කාලා හරක් බලන්න වැඩ කරන එකක් නැහැ.
එතකොට මෙච්චර දවසක් අඩුවට දෙන්න පුලුවන්කම තියාගෙන නේද වැඩි මිළට විකුණලා තියෙන්නේ .. ඇති තරම් මිනිස්සුන්ව හූරාගෙන කාලා ඡන්දය ලං වෙනකොට පොඩි ගානක් අඩු කරලා මිනිස්සු රවට්ටනවා
ජනතාවට රුපියල් 10ක් අඩු කරල හාල් දෙන්න අපි හිඟන්නන් කියලා හිතුවද? ජනතාවට දහය පෙන්නලා. ඇමතිලාට කෝටි ගණන් වටිනා පර්මිට් පාස්කර ගන්නද? ඔයලා හිතන තරම් ජනතාව පෙරේත නැහැ. ජනතාවට කන්න නැතත්, රජයේ මුදල් හොරෙන් කන්නේ නැහැ ඇමතිලා වගේ... ඇමතිලා වගේ කරදරත් නැහැ.... තියෙන දෙයක් කාලා ජීවත්වෙනවා. මේ අඩුකරන දහයත් තියාගන්න... වඳින්නම් සේරම ඇමතිලාට, ලොක්කන්ට කියන්න. ජනතා මුදල් හොරෙන් කන්න එපා කියලා...