(විනීතා එම් ගමගේ)
පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම අනිද්දා (1) සිට තදින් ක‍්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අදාල ගැසට් පත‍්‍රය 2017 වසරේ නිකුත් කර තිබුණත් එම තහනම ක‍්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු අංශවලින් නිසි සහයෝගයක් ලබා නොදීම නිසා එය නිසිසේ ක‍්‍රියාත්මක නොවූ බව ද අමාත්‍යවරයා කියයි.
වර්ෂයකට ලන්ච්ෂීට් මිලියන 5475 ක් පමණ ප‍්‍රතිචක‍්‍රිකරණ ක‍්‍රියාවලියකින් තොරව පරිසරයට විවිධ පුද්ගලයින් හා ආයතන විසින් මුදාහැර ඇතත් ඒ පිළිබ`ද කි‍්‍රියාමාර්ග ගත නොහැකි වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
අනිද්දායින් පසු දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා කිසිසේත්ම තව කල් දීමක් සිදුනොවන බවත් වැටලීම් ආරම්භ කරන බවත් කියා සිටියේය.
දිනකට පරිසරයට මුදා හරින ලන්ච් ෂීට් ප‍්‍රමාණය මිලියන 15ක් පමණ වෙතැයි මධ්‍යම පරිසර අධිකාරිය හෙළිදරව් කර ගෙන ඇතැයි පැවසූ අමරවීර මහතා හිටපු ජනාධිපති හා පරිසර අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලන්ච්ෂීට් තහනම් කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත කරනු ලැබුයේ එවන් පරිසරයක යැයි ද කියා සිටියේය.
නමුත් එම තහනම ක‍්‍රියාත්මක කිරීම සඳහා නිෂ්පාදන ආයතන, අලෙවි ආයතන මෙන්ම මහජනතාවද උනන්දු නොවූ බැවින් මෙම වසරේ ගත වූ කාලය තුළ තමන් මේ සම්බන්ධව අදාල වගකිව යුතු අංශ සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව එම ගැසට් පත‍්‍රය පරිදි නොදිරන පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් අපේ රටේ නිෂ්පාදනය, බෙදාහැරීම මෙන්ම අලෙවි කිරීම තහනම් කිරීමට තීරණය කරනු ලැබු බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කලින් ආණ්ඩුව කරලනේ තිබුනේ. අපි ඉන්නේ ගම්පහ. කිසිම කඩයක පොලිතීන් ලන්ච් ෂීට් නෑ. දැනට අවුරුදු දෙකකට වැඩියි. තිරිඟු හෝ ඉරිඟු වලින් නිපැයූ ඒවා නම් තියෙනවා. ටිකක් මිල වැඩියි. නිකම් දිරාපත් වෙනවා.
ප්ලාස්ටික් බෝතල්, සිලිමලුත් තහනම් කරන්න බැරිනම්? දැඩි නීති පනවන්න. බණ්ඩාරගම වැවට කුණු දාලා වනසලා... හරිම කම්පාවක් දැනෙනවා...