
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බවට සැකකෙරෙන, ලක්ෂ 50ක් පමණ වටිනාකමින් යුතු වියළි කහ කිලෝ 1024යි ග්‍රෑම් 245ක් සමඟ ලොරි රථයක් මන්නාරම, පේසාලේ පෙරියකාසල් ප්‍රදේශයේ දී සිය බාරයට ගත් බව පේසාලේ පොලිසිය කියයි.
පේසාලේ පොලිස් නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමක දී නිවසක් ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී කහතොගය හමු වී තිබේ.
විශාල ප්‍රමාණයේ පොලිතීන් මලු 29 ක් තුළ මෙම වියළි කහ තොගය අසුරා තිබූ බවත්, වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පැනගොස් සිටි බවත් පොලිසිය සඳහන් කළේය.
ලොරි රථය පොලිසිය බාරයට ගෙන ඇති අතර එම තොරතුරු ඔස්සේ සැකකරුවන් සොයා විමර්ශනය සිදුකරන බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් කහ තොගය යාපනය රේගු පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය. පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට සිට තම පවුලේ අයට ගෙදර පාවිච්චියට කහ කිලෝවක් දෙකක් එවන්න බැරිද එයාර් කාගෝ මගින්.
ඇයි ලංකාවේ කහ වලට ඔච්චර ඉල්ලුම.
71 හාල් පොලු මතක් වෙනවා.