
(එච්.චන්දන)
ලක්ෂ 400 පමණ රත්‍රං තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු දළුව කලපුව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
සැකකරු පුත්තලම කොළඹ මාර්ගයේ නාගවිල්ළු ප්‍රදේශයේ පදිංචිකරුවකි.
පොලිස් විශේෂ කාර්යංශයේ පුත්තලම ඒකකයට ලැබුණු තොරතුරක් මත කළ විශේෂ වැටලමකදී මෙම රත්‍රං තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි විවිධ ප්‍රමාණයේ රත්‍රං කැබලි, ගුලි කිලෝ 4 ½ ආසන්න ප්‍රමාණයක් ඉටි මල්ලක පාර්සල් කර තිබියදී පොලීසිය සොයා ගෙන තිබේ. මෙම රත්තරං තොගය අද(27) දා රාත්‍රියේ කල්පිටියෙන් දකුණ ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයාට මෙම රත්‍රං තොගය කෙසේ ලැබුණේද, මෙය රැගෙන ගියේ කුමකට යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පුත්තලම පොලීසිය ආරම්භ කර ඇත.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 400ක රත්‍රං යතුරුපැදියෙන් ගෙනියද්දී අල්ලයි
Nihal Sunday, 27 September 2020 04:03 AM
රත්‍රන් තමන්ගේ නම් දකුණු ඉන්දියාවට නොවේ කොයි රටකට අරන් ගියත්, මෙයාලට මොකද්ද තියෙන අමාරුව?.