ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිලාෂය යැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය කොළඹ දී ප්‍රකාශ කළාය.
ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඉකුත් දා (14) මෙරට නිල සංචාරයක නිරත වූ අතර එහිදි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී එම සාකච්ඡා පැවැත්විණි.
පොදුවේ පිළිගන්නා ප්රජාතන්ත්රවාදී සාරධර්ම ආරක්ෂා කරමින් සාර්ථකව ජනාධිපතිවරණය අවසන් කිරීමෙන් ප්රජතන්ත්රවාදී ක්‍රියාදාම අඛණ්ඩව පවත්වාගෙන යෑමෙන් ශ්‍රී ලංකාව පෙන්වන කැපවීම පෙනී යන බව කී ඇලිස් ජී. වෙල්ස් මහත්මිය එය අගය කළ යුතු යැයි ද කීවාය.
ශ්‍රී ලංකාව පිහිටි කලාපය සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන උපායමාර්ගික දැක්ම පැහැදිලි කළ වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතාවක් ගොඩනගා ගැනීම ඇමෙරිකාවේ අභිලාෂය යැයි ද පැවැසුවාය.
ද්විපාර්ශ්වීය කටයුතු සඳහා ඇමෙරිකාව ලබාදෙන වැදගත්කම මෙහිදි පැහැදිලි කළ වෙල්ස් මහත්මිය එම කටයුතුවලදී ආර්ථික හා ව්‍යාපාරික කටයුතු, අධ්‍යාපනය, ආරක්ෂාව, සමුද්‍රීය කටයුතු හා අන්තර් හමුදා සබඳතා සහ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම යනාදි අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙන බව ද කීවාය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ඉන්දු-ශාන්තිකර උපායමාර්ගය’ යටතේ කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා පැවැත්විණි.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන සංවර්ධන හවුල්කාරීත්වයට මෙන්ම ඇමෙරිකාව රටේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට ගරු කිරීම හා අගය කිරීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවට ප්රංශා කළේය.
ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ආධාර සහයෝගීතාව වෙනුවෙන් කෘතඥතාව පළ කළ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙරට නිෂ්පාදන සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථා සහ ශ්‍රී ලංකාව තුළ ආයෝජන ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදි පැහැදිලි කළේය.
දෙරටේ ව්‍යාපාර එකිනෙක හා සම්බන්ධ කිරීම, ආරක්ෂක හා සමුද්‍රීය ක්ෂේත්රවල සබඳතා හා සහයෝගීතාව වැඩිදියුණු කිරීම, සංචාරක කටයුතු ඉහළ නැංවීම, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගීතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ආදිය ඇතුළු ශ්‍රී ලංකා-ඇමෙරිකා සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවෙන බව ද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදි කීය.
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සෘජු විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී එකඟතාවක් ඇති කරගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ නව ප්රවණතා, ප්රතිසන්ධාන සහ සංවර්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදි ඇමෙරිකානු දූත පිරිස දැනුවත් කළේය.
ඇලිස් ජී. වෙල්ස් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ධුරය හොබවයි. එමෙන්ම ඇය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝජ්‍ය සහායිකා සහ ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්යක්ෂ ලීසා කර්ටිස් මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒපාරනම් හොදටම් බයවෙලා
එම්සීසී බලෙන්ම දෙන්න වගේ හදන්නේ.
MCC හරි හොඳයි නොවේද? ඉක්මනටම අත්සන් කරමු නේද?
ඇමෙරිකාව විතරක් නෙමෙයි. චීනය සහ ඉන්දියාවටත් ඕනෑ කරන්නේ ඔය කියන 'ශක්තිමත් සබඳතාවයම' තමයි. අපි දත් තිස්දෙක මැද්දෙන් දිව හැපෙන්නේ නැතුව ඉන්නවා වගේ හරියට මේ තත්වය අපේ වාසියට කළමනාකරණය කලොත් අපිත් ශක්තිමත් වෙයි. අපි ඒක හරියට කරගන්න බැරුව අනාගත් අවස්ථා ඉතිහාසයේ ඕනෑතරම් දැක්කනේ. අපේ රටේ පහළ වූ විශිෂ්ඨතම විදේශ ඇමතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් වගේ කෙනෙකු නැති එක ගැන දුකයි.
ලංකාවේ අපනයන වලින් 25% යන්නෙ ඇමරිකාවට. ඇමරිකාව තරහ කරගන්න බෑ නොවැ. ගහන ගිවිසුමක් ජනතාවට, පාර්ලිමේන්තුවට දාල කොලානම් ඉවරයි. ඒ වගේම ජේ ආර් විධායක ජනාධිපතිකම ගෙනාවෙ රටේ ආයෝජන උනන්දු කරන්න. 19 විකුර්තිය හදාගන්න පිටරටවල් උදවු කලොත් අපූරුයි.
අපේ වත්මන් ජනාධිපති ඇමෙරිකාවේ අවුරුදු දහයකටත් වඩා පදිංචිවී සිටි නිසා ඔහු ඇමරිකානුවන්ගේ මනස, චින්තන ක්‍රමය, දුරදැක්ම, ශක්තිය, ගනුදෙනු කිරීමේ උපාය මාර්ග, කපටිකම් සහ රජුන් සැදීමේ සහ පහ කිරීමේ හැකියාව අන් කිසිම ශ්‍රී ලාංකිකයෙකුට වඩා හොඳින් හඳුනන අයෙක් විය යුතු වේ. එනිසා අප රට පිටුපසින් ඔවුන් නොයෙක් ආදර බස් දොඩමින් හඹා එන්නේ අප රටේ සම්පත් හොඳින් හෝ නරකින් උදුරා ගැනීමට බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. දශක කිහිපයකට පෙර ඉතා පොහොසත් ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ ජනතාව අද විඳින අන්ත දුගී දුක් වලට ඇමෙරිකාව කෙලින්ම සම්බන්ධ වී ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 450 කට අපේ රට විකිණීම ඉතා ලෙහෙසි, මුග්ධ ක්‍රියාවකි. එම මුදල අවශ්‍ය නම් රට ඇතුලින්ම සොයා ගත හැක. නමුත් ලංකා මාතාවගේ රුධිරය නොනවත්වා උරා බොන ඒ පරපෝෂිතයන් රටින් එළවීම කිසිසේත්ම අප හට කල නොහැකි දෙයක් වේ. ඉන් අප ඊලඟ ලිබියාවක් වීම සිදුවේ. මිල කල නොහැකි අප රටේ නිදහස සහ ස්වයිරීභාවය ඇමෙරිකානුවන්ට පාවා නොදෙනු. කොටි ත්රස්තයන්ගේ බළල් අත්වලින් අත්කර ගැනීමට නොහැකි වූ අප සතු සම්පත්, අප නව රාජ්‍ය නායකයා මගින් බන්දේසියක දමා අප පූජා කල යුතුද ?
ඇමරිකාව කියන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් නෙමෙයි. එයාලට තියෙන එකම නිෂ්පාදනය ආයුධ. එයාලත් එක්ක කොහොමද අපි ආයෝජකයන් බලාපොරොත්තු වෙන්නේ ? එයාල ගැණුම්කාර වෙළදපොලක් විතරයි. එයාලගේ උපාය මාර්ග වලට අපි බිලි විය යුතුද ? හරියට එයාලට මුළු ලෝකෙම පාලන අයිතිය දීලා වගේනේ. ලෝකේ එක එක කලාප වලට රාජ්‍ය ලේකම්ලා පත් කරලා තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. එයාලගේ අධිකාරය පවත්වා ගෙන යන්න විතරයි හැමදේම කරන්නේ. ගොනා හැරෙන්නේ එම්.සී.සී පොල් පැළේටෙද නැතිනම් කෙහෙල් පැළේටද කියලා අපිට නම් හොදට තේරෙනවා. විදේශ ඇමැතිටත් නහයක් තියේ නම් තේරෙයි.
ඇමරිකාව අපිට ආදරේ නෑ. බුද්ධිමත්වන්න.
අමෙරිකාව සමග එක්වීම නුවණට හුරුයි. චීනෙ රුසියාව සමග එකතු උනොත් අනාගතයේ නාගන්න වෙන්නෙ. අමෙරිකාව සමග ඊශ්‍රායලය එකතුයි. ඊශ්‍රායලය සමග විශ්වයේ මැවුම්කාර අයිතිකාර දෙවියන් වහන්සේ එකතුයි.
ඔටුවා කිව්වෙත් ඕකම තමා කූඩාරමට ඔලුව දාගන්න ඉස්සර. දෙන්න එපා ඇගිල්ලක්වත් මෙතන ගහගන්න. රටම අපිට නැතිවෙනවා.