ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයන් පස්දෙනෙකු පුද්ගලයන්ගේ පසුම්බිවලින් මුදල් සොරකම් කිරීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව වික්ටෝරියානු පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවවෝ දෙදෙනෙක් සහ පුරුෂයන් තිදෙනෙක්ද වෙති. එම පිරිස 26, 32, 29, 32 සහ 38 යන වයස්වල පසුවෙති
පුද්ගලයන් සත්දෙනෙකුගෙන් යුතු කල්ලියක් මෙම සොරාගැනීමේ නිරතව ඇති බවද, ලාංකිකයන් පස්දෙනා මෙම කල්ලියේ සාමාජිකයන්ව සිටි බවද පැවසේ.
ඕස්ට්‍රේලියාවේ දුම්රිය, ට්රෑම් රථවල මෙන්ම ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණවලදී පවා මෙම කල්ලිය මිනිසුන්ගෙන් මුදල් සොරාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙල්බර්න් නුවර පරීක්ෂණ කණ්ඩායමක් විසින් කරන ලද මෙහෙයුමකදී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ඉන්දියානු ජාතිකයෝය.
සැකකරුවන් මෙල්බර්න් පිහිටි මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඩේලි මිරර් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විශ්වාස කරනවා අපගේ මාතෘ භූමියේ නම කැත කළ මොවුන්ව එම රටින් පිටුවහල් කරයි කියා.....
ගොඩක් ඔය රටවල ගිහින් තියෙන්නේ හොර පාරෙන්.. හොර ලියකිවි පෙන්නලා ඒ වගේ ජල්ලි වැඩකරලා ඉතින් ගිහින් කරන්නෙත් ඒ වැඩම තමයි. සුදුසුකම් පිට මිනිහෙක් අාවොත් ඒ මිනිස්සුන්ට ලෙඩ අදින්නෙත් ඔය ජාතියේ අයම තමයි. පුද්ගලික අත්දැකීමක් මතයි කිව්වේ..!
නම් සහ ලිපිනයන් පලකරන්න... ලොකු උදව්වක්..
අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලෝකයේ ශ්‍රේෂ්ඨම ජාතිය ඕස්ට්‍රේලියාවේ පික්පොකට් (PICKPOCKET) ගහනවා කියලා ඇහුවම අපි කොහොමද රෙද්දක් ඇඳගෙන අපේ උජාරුව ලෝකෙට පෙන්වන්නේ?
ඕස්ට්‍රේලියාවේ වසර 30කට වඩා කාලයක් ජීවත් වන මම, ශ්‍රී ලාංකිකයින්ගේ නොයෙකුත් හොඳ, නරක පුවත් අසා තිබෙනවා. ඒවායින් බොහොමයක් විසා නීති උල්ලංඝනය, හදිසි කෝපය නිසා වූ පහරදීම්, මිනීමැරීම්, රිය අනතුරු වැනි දේ මිසක් මෙතරම් පහත් චර්යාවක් ගැන ඇසුවේ අදමයි...
මෙයාලට දෙන්න ඕනේ සවුදි අරාබි දඬුවම්.....
ගොන් හරක් ටිකක්නේ... ලංකාවේ හිටියා නම් පාර්ලිමේන්තුවට යන්නත් තිබුණා... බලන්නකෝ මෙච්චර හොරකම් කරලත් ගෙදර වගේ පාර්ලිමේන්තුවට වෙලා අපිට අනිත් හොරු ගැන කියලා දෙන ලස්සන...
මෙම කණ්ඩායමට ඉන්දියාවෙන් දෙන්නෙකුත් ඉන්නවා.
ඕස්ට්‍රේලියාවට අපේතරම් වසර දෙදහස් පන්සීයක සංස්කෘතියක් නැති ජාතියක් නිසා විනිශ්චයකාරවරයාට කෝල් එකක් දීලා නඩුව බේරගන්න පුළුවන් වෙයි.
හොඳම දේ මේ කාලකණ්ණින්ගේ නම්, ගම් ප්‍රසිද්ධ කරන එක.. යන තැන රටේ නම ඉවරයි. ඒ රටේ ඉන්න ලාංකිකයින්ට කොතරම් නින්දාවක්ද ඒක? වීසා එකක් ගන්න ගියත් මේවා බලපානවා.
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඕකට තමයි.
මොන දීපංකරේ හිටියත් පුරුදු අත්හරින්න බැරි හැටි. ලංකා මාතාවගේ නම කැත කළ මොවුන්ට නිසි දඬුවම් දියයුතුයි.
ඕස්ට්‍රේලියාවේ විතරක් නොවෙයි. හොරකම, වංචාව සහ අනෙකුත් සියලුම වැරදි කොහේ කළත් එකයි. මම හිතන්නේ මේ මිනිස්සු පික් පොකට් ගැහුවේ නැති බැරි කමට... කන්න නැතුව හෝ මොනයම් හො ලොකු ප්‍රශ්නයක් නිසා... නැතුව බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. වාහනවල යන්න නොවෙයි. කන්න දෙයක් ඉල්ලගන්න කෙනෙක්වත් නැතිවෙන්න ඇති. රස්සාව නැතිවෙලා. ඡන්දයක් තියලා බැලුවොත් "ඕස්ට්‍රේලියාවේ පදිංචියට" එන්න කැමති කවුද කියලා... ඔබතුමාලා මොන පැත්තටද ඡන්දේ දෙන්නේ? කැමතිද? නැද්ද? ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුණු 225න් බහුතරයක් "හොරු". හැබැයි "කන්න අඳින්න නැතුව නොවෙයි. දුප්පත් මිනිස්සුන්ගේ කොත්තමල්ලි ඇටේට පවාගහන බදුමුදල් වලින් තමයි මේ හොරා කන්නේ... ඇයි ඒවට සමහරුන් නිහඬ...? මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ බලා ගන්න පුලුවන් "හොරුන්ට හොරකම් කරන්න උදව් කරන්නේ" කවුද කියලා. ඔය කියන අපිද "අපගේ මාතෘ භූමියේ නම", "පාදඩයින්" "අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලෝකයේ ශ්‍රේෂ්ඨම ජාතිය", "දෙන්න ඕනේ සෞදි අරාබි දඬුවම්", "ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි", "ලංකා මාතාවගේ නම කැත කළ මොවුන්ට" අපි අපි ගැනම ලැජ්ජා වෙනවාද?