(ටී. කේ. ජී. කපිල)
ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200දෙනෙකු නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද(13) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි චීන ජාතිකයෙකි.
ඔහු විවිධ රටවලින් සතුන් චීනයට රැගෙනවිත් අභිජනනය කර, අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙකු බවද, ලංකාවේ විවිධ පෙදෙස්වල සංචාරය කර ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් අසා දැනගත් පරිද්දෙන් ගෝනුස්සන් සොයාගත් බවද අනාවරණය කරගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරන ගුවන් යානයෙන් පිටව යාම සඳහා ඔහු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියේය. ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන් මල්ලේ කූඩුවල සිටින්නේ ගෝනුස්සන් බව හඳුනාගෙන විමර්ශන සඳහා රේගු නිලධාරීන් වෙත බාර දී තිබේ.
මෙම ගෝනුස්සන් ශ්‍රී ලංකාවේ වන ජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ පිටරටවලට රැගෙන යෑම නීතිවිරෝධී වේ.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ, රේගු අධිකාරී පී.වී.ධර්මප්‍රියන්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන ජේ.සී.එම්.සෙනරත්, පී.එන්.ඒ.දයානන්ද, ඊ.එම්.ඩී.නිරෝෂන්, හර්ෂ රුද්‍රිගු, කේ.එම්.බී.එන්.විජේපාල සහ බී.පී.අබේතිලක යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හරියටම දන්නේ නම් නැහැ. නමුත් මං අහල නම් තියෙනවා ඒ රටවල ගොනුස්සන්ගේ රස භෝජනයක් හදනවා කියලා
ගෝනුස්සන් ගෙන් අපිට එති ප්‍රයෝජයනය කුමක්ද ? එහෙම නැත්නම් අපි උන්ව බෝ කරලා විකුනමු.
ගෝනුස්සන් චීනය සුඛෝපභෝගි ආහාරයක් විදිහට සළකන්නේ. පැරණී ගෝත්‍රික අදහස් නිසා ලෝකයේ තියෙන සමහර රටවලට ආවේණික ගස් කොළ සහ සතුන් මේ විදිහට හොරකම් කරනවා. ඒ වගේම අති නවීන තාක්ෂණය පාවිච්චි කරල ප්‍රජනනය කරනවා.
ගෝනුස්සන් කන්න චීන්නු හරිම පෙරේතයි. අපේ කවුරුත් කන්නෙත් නැති එකේ ඔන්න ඔහේ දීලා දාන්න.
පිටරටකදී මම දවසක් දවල් කෑමගන්න වෙලාවේ තායි ජාතිකයෙකුගෙන් ඇසුවා... අැයි නුඹලා ගෙම්බන්, සර්පයින් කෑමට ගන්නේ කියලා? එවිට ඔහු මගෙන් ඇසුවා අැයි නුඹලා ඌරු මස් කන්නේ කියලා...? මට උත්තර නැතිඋනා.
දීලා දාන්නේ මොන බම්බුවකටද? අපිත් කන්න පුරුදුවෙමු. හැබැයි එජාප ආණඩුව තවදුරටත් පැවතුණා නම් අපිට කන්න වෙන්නේ ගෝනුස්සයි, සර්පයෝයි තමයි. ඊට පස්සේ සනීපාරක්ෂක තුවාවලින් කට පිහිදා ගන්න වේවි...!!!