(ඉන්දිකා රාමනායක සහ තිළිණි ද සිල්වා)
විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේදී ඇති වුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරොලයින් ජූරි සහ ,චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද පෙරරවුරේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවු දෙදෙනා අත අඩංගුවට ගෙන ඇත.
වැඩි විස්තර පසුව
(ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැරදි වලට රටේ නීතිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා අත්අඩංගුවට ගන්න. පිළිකාකාරක පොල්තෙල්, සීනි වංචා කරන අයට නීතිය ඇත්තෙම නෑ.
හොඳ වැඩේ ලෝකයක් ඉදිරියේ ලංකාවේ නම කැත කළාට
මේ කොහේදෝ යන පටලැවිල්ලක් හින්දා මිනිස්සුන්ට අලුත් අවුරුද්දත් අමතක වෙලා වගේ.
හොඳ වැඩේ මෙයාලගේ ෂෝ වලට...
රටේ ප්‍රශ්නය මේ ගැහැණුන්ගේ කෙහෙවලු පටලවා ගැනීමක්වත් ඔය ඔටුනු කබල්වත් නෙවෙයි. රටේ පවතින දරිද්‍රතාවය, නීතිය පිළිබඳව පොදු මහජන විපිලිසරතාවය, ජීවත්වීමට ඇවැසි මූලික භාන්ඩ හා සේවාවල ඉහළ අගයන් හා හිඟකම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සහගත තත්වය, විරැකියාව, අධිකරණ තීන්දු පිළිබඳ ව්‍යාකූල හැඟීම. මෙවැනි දහසකුත් ජාතික ප්‍රශ්න, ගැටලු හා අර්බූද තිබියදී ඔටුනු පලන් ගැහැණු ගැන මොන ජාතික කතිකාවතක්ද? මෙය පවතින අර්බූදවලින් මහජනයා වෙනතකට යොමුකිරීමේ උත්සාහයක්ද?
ඔටුන්න ගලවපු හැටි වැරදියි. එ් වුණාට පුෂ්පිකා දිනුවේ තනිකර දේශපාලනය නිසා..
මේ සිද්ධිය පිටිපස්සේ බලගතු දේශපාලනයක් තියනවා. පුෂ්පිකා සිල්වා පොහොට්ටුවේ හයියෙන් කිරුළට ලඟාවෙලා තියෙන්නේ. එයා තව ටික දවසකින් දික්කසාද වෙනවා. මෙයාව ලෝක තරගයකට යැව්වොත් අපේ රටට වන අවනම්බුව මීට වැඩියි. මෙයා මේකට දඟලන්නේ දේශපාලනය කරන්න කිරුළ විකුනන්න,අහුවෙන්න එපා මේවාට. අපි මේ වගේ සෝබන වලින් හොඳ පරිප්පු කාලා ඉන්නේ
පුෂ්පිකා සර්ලගේ වලව්වට යන එකේ ප්‍රතිඵල තමයි ඉතින්... අපි පුෂ්පිකාව ගම්පහින් පාර්ලිමේන්තුවට යවලා යුතුකම් ඉෂ්ඨ කරමු..
අත්අඩංගුවට ගත්තෙ මොන චෝදනාවටද ? මෙහෙම සිද්ධියකට පොලීසිය මැදිහත් වෙන්නේ කොහොමද ? මෙතැන හොරකමක් මිනීමැරුමක් වෙලා නැහැනේ. මොකක්ද මේ පොලීසියේ නිවට් ප්‍රතිපත්තිය ?
මේක දේශපාලනික සෙල්ලමක්...
පුෂ්පිකා දේශපාලනේටත් එනවලු නේද? අපිට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා මේවාට? ලංකාවේ නීතියත් හරි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා මේවට... හරි ෂෝක් අප්පා අපේ රටේ වැඩ...