(රංජන් කස්තුරි)
රටපුරා ප්‍රදේශ රැසක ලංකා බැංකු ශාඛා අද (06) විවෘත නොවීම හේතුවෙන් ගනුදෙනුකරුවෝ දැඩි අපහසුතාවයකට පත් වූහ.
ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලධාරියකු පත්කිරීමට මුදල් අමාත්‍යාංශය ගත් පියවරට විරෝධය දැක්වීමක් ලෙස රටපුරා ලංකා බැංකු ශාඛාවල සේවක සේවිකාවෝ අද දවස පුරා සේවයෙන් බැහැරවීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබිණි.
එහෙත් බැංකු සේවක සංගම් නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර ඊයේ (05) රාත්‍රීයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව සේවයෙන් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිති නියෝජිතයෝ තීරණය කළහ.
ලංකා බැංකු සේවක සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති එක්ව සේවයෙන් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමේ තීරණයට එළඹෙන විට ඊයේ මධ්‍යම රාත්‍රීයත් පසුවී තිබුණ හෙයින් පණිවිඩය සේවක සේවිකාවන්ට ලබාදීමට නොහැකි වූ බව ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරීහු කීහ.
එම හේතුවෙන් රටපුරා ලංකා බැංකු ශාඛාවල සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි වූ බවද ඇතැම් බැංකු ශාඛා අද දිනයේ වසා තැබීමට සිදුවූ බවද ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කේසර කෝට්ටේගොඩ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේකේ ඉන්න අය බහුතරයක් හැමවෙලේම සේවයෙන් බැහැර වෙලා ඉන්නේ. මගේ ඔන්ලයින් එකවුන්ට් එකේ මුරපදය අමතක වෙලා කොළඹ 02 කාර්යාලයට පෝරමය පුරවලා දීලා දැන් මාසයක් වෙනවා.. තවම මොනවත් කළෙත් නැහැ.. කීවෙත් නැහැ.
මගේත් TT transfer එක්ක දැන් දවස් 6කට වැඩියෙන් අල්ලාගෙන ඉන්නවා. මෙවැනි විශේෂිත ගනුදෙණුවලට අපෙන් වැඩිපුර අයකිරීම් කරන්නේ එවෙලේම එම මුදල් අනෙක් ගිණුමට බැරකිරීම සඳහායි නමුත් මේ කුණුබැංකු වංචාවල්මයි කරන්නේ...