
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්‍යාධිකාරිවරයෙක්ට එල්ල වී ඇති මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් තනතුරක වසර 10 කට අධික කාලයක් කටයුතු කර ඇතැයි කියන අදාල නිලධාරියා එම සේවය සඳහා පුර්ණ කාලීනව විදුලිබල මණ්ඩල සේවයෙන් මුදාහැර සිටියදී විදුලිබල මණ්ඩලයෙන් අඛණ්ඩව වැටුප් සහ දීමනා ලබාගෙන ඇති බවට සහ විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීම් ද ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
අදාල නිලධාරියාට විදුලිබල මණ්ඩලයෙන් ලැබූ වැටුප් සහ දීමනාවලට අමතරව රජයේ ඒකාබද්ධ අරමුදලේ ප්‍රතිපාදනවලින් සියයට 25 ක දීමනාවක් ද සේවය කළ කාලය තුළ විදුලිබල අමාත්‍යාංශය ගෙවා ඇති බවත් අදාල නිලධාරියා මීට වසරකට පමණ පෙර නැවත විදුලිබල මණ්ඩලයේ සේවයට අනියුක්ත කර ඇති බවත් කියවේ.
ඉදිරි සති කීපයේදී විශ්‍රාම යෑමට නියමිත අදාල නිලධාරියා විශ්‍රාම යන දින තෙක් පෞද්ගලික නිවාඩු ඉල්ලුම් කර ඇති බවත් ඔහු මේ වන විට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ ව්‍යාපෘතියට ද සම්බන්ධව කටයුතු කරන බවත් ආරංචි මාර්ග සදඟන් කරයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලං.වි.ම ලොක්කෙක් ගැන පරීක්‍ෂණයක්
ravin Wednesday, 26 April 2023 12:23 PM
වැදගත් කරුනු කීපාරක් කෙරෙහි අවදානය යොමුකරන්න. වසර 10කට පෙර වි බ ම මුදාහැරිම, එම කාලයතුල වැටුප් දෙකක් හා දීමනා ලබාගැනිම, කියන කාලයතුල පාලනය කල රජයන්, දැනට දුශ්‍යමාන පාලනය? ප්‍රතිව්‍යහගත කිරිමෙ අරමුනු?