IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රෝහල් වලින් සියයට 90 ක් පිරිලා

 

(ඩයනා උදයංගනී)

කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් ඇඳන් ප්‍රමාණයෙන්  90% කට වඩා මේ වන විට පිරීගොස් ඇති බැවින් ඉදිරියේදී සංකූලතා සහිත ආසාදිතයින් පමණක් රෝහල්වල තබාගෙන රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයින් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථානවල රැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි  අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

දැනට හමුවන ආසාදිතයින්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රමාණයකට රෝග ලක්‍ෂණ මතු නොවන බැවින් එවැනි අය තෝරාගත් හෝටල් වැනි ස්ථාන හා නිරෝධායනයට වෙන් කළ මධ්‍යස්ථාන ආදියේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අවධානය යටතේ රඳවා තබන්නට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය නිලධාරී සංගමය එකඟ වී ඇති බවත්, මෙම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදිව පවත්වාගෙන යාම සඳහා ඔවුන් මේ වන විටත් නිර්ණායක ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පැවසූ බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.

මේ වන විට කොවිඞ් ආසාදිතයින් සඳහා රෝහල්වල ඇඳන් 5000ක් වෙන්කර ඇති අතර ඉන් 4467ක් අද (27) උදෑසන වන විට පිරී පැවති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීවේය.

අවශ්‍යතාවයක් වුවහොත් මෙම ඇඳන් ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ස්ථානය කුමක් වුවත් කිසිඳු ආසාදිතයෙක් සෞඛ්‍ය අංශවල අධීක්‍ෂණයකින් තොරව තබන්නේ නැතැයි ද රමේෂ් පතිරණ මහතා පැවසීය.



අදහස් (6)

රෝහල් වලින් සියයට 90 ක් පිරිලා

thushara Tuesday, 27 October 2020 10:53 AM

ඔව් මුල ඉදලම සංකුලතා පෙන්වන අය පමණක් රෝහල ගතකොට සංකුලතා නොපෙන්වන අය නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා තැබීම සුදුසු. මොකද අපිට වඩා ගොඩක් දියුණු රට වල පවා මේ විදියට කරන්න කටයුතු කරලා හමාරය.විදේශ රටවල ඉන්න අපි ඒ ගැන හොදට දන්නවා.

:       0       1

Nuwan Tuesday, 27 October 2020 11:40 AM

තව ඔහොම යන්න දෙමු. මොකද ඡන්දයක් ළඟපාත නැනේ

:       0       1

KUMARA PERERA Tuesday, 27 October 2020 12:38 PM

තාමත් සමාජගත වෙලා නෑ වගේ නේද.?

:       0       1

නුවන් Tuesday, 27 October 2020 01:21 PM

ගිය පාර උඩ දාගෙන කිව්වා මොන තරම් ලෙඩ්ඩු ආවත් ඇති වෙන්න ඇඳන් තියෙනව කියලා. ඡන්දෙන් පස්සෙ ඇඳන් ටික නැති උනේ කොහොමද දන්නෙ නෑ.

:       0       1

ඖෂධහාමි Tuesday, 27 October 2020 01:27 PM

26 දින මහාචාර්ය වරයෙකුවන රාජ්‍ය ඇමතිවරයෙක් කිව්වා ආයුර්වේද බෙහෙතක් දීමට අනුමැතිය දුන්නා කියලත් ආයුර්වේද රෝහල්වලින්ද ප්‍රතිකාර ගැනීමට අනුමැතිය දුන් බවක්.

:       0       0

WCA Wednesday, 28 October 2020 06:12 AM

තාම සමාජ ගතවෙලා නෑ. මම නෙවෙයි කියන්නේ හොදේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site