
(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් ඇඳන් ප්‍රමාණයෙන් 90% කට වඩා මේ වන විට පිරීගොස් ඇති බැවින් ඉදිරියේදී සංකූලතා සහිත ආසාදිතයින් පමණක් රෝහල්වල තබාගෙන රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයින් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථානවල රැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
දැනට හමුවන ආසාදිතයින්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රමාණයකට රෝග ලක්‍ෂණ මතු නොවන බැවින් එවැනි අය තෝරාගත් හෝටල් වැනි ස්ථාන හා නිරෝධායනයට වෙන් කළ මධ්‍යස්ථාන ආදියේ වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අවධානය යටතේ රඳවා තබන්නට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ක්‍රමවේදය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෛද්‍ය නිලධාරී සංගමය එකඟ වී ඇති බවත්, මෙම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදිව පවත්වාගෙන යාම සඳහා ඔවුන් මේ වන විටත් නිර්ණායක ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල හමුවේදී පැවසූ බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.
මේ වන විට කොවිඞ් ආසාදිතයින් සඳහා රෝහල්වල ඇඳන් 5000ක් වෙන්කර ඇති අතර ඉන් 4467ක් අද (27) උදෑසන වන විට පිරී පැවති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීවේය.
අවශ්‍යතාවයක් වුවහොත් මෙම ඇඳන් ප්‍රමාණය තවත් ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ස්ථානය කුමක් වුවත් කිසිඳු ආසාදිතයෙක් සෞඛ්‍ය අංශවල අධීක්‍ෂණයකින් තොරව තබන්නේ නැතැයි ද රමේෂ් පතිරණ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මුල ඉදලම සංකුලතා පෙන්වන අය පමණක් රෝහල ගතකොට සංකුලතා නොපෙන්වන අය නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා තැබීම සුදුසු. මොකද අපිට වඩා ගොඩක් දියුණු රට වල පවා මේ විදියට කරන්න කටයුතු කරලා හමාරය.විදේශ රටවල ඉන්න අපි ඒ ගැන හොදට දන්නවා.
තව ඔහොම යන්න දෙමු. මොකද ඡන්දයක් ළඟපාත නැනේ
තාමත් සමාජගත වෙලා නෑ වගේ නේද.?
ගිය පාර උඩ දාගෙන කිව්වා මොන තරම් ලෙඩ්ඩු ආවත් ඇති වෙන්න ඇඳන් තියෙනව කියලා. ඡන්දෙන් පස්සෙ ඇඳන් ටික නැති උනේ කොහොමද දන්නෙ නෑ.
26 දින මහාචාර්ය වරයෙකුවන රාජ්‍ය ඇමතිවරයෙක් කිව්වා ආයුර්වේද බෙහෙතක් දීමට අනුමැතිය දුන්නා කියලත් ආයුර්වේද රෝහල්වලින්ද ප්‍රතිකාර ගැනීමට අනුමැතිය දුන් බවක්.
තාම සමාජ ගතවෙලා නෑ. මම නෙවෙයි කියන්නේ හොදේ...